Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැසිනොද් විදුහලට ඉනිමක ජයක්

මැසිනොද් විදුහලට ඉනිමක ජයක්

editorial - 2019 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් විය.

එහිදී මැසිනොද් විදුහල වෙනුවෙන් නිම්න ප්‍රනාන්දු (67) ද, ඉසිපතන විදුහල වෙනුවෙන් තෙවිඳු දික්වැල්ල (නොදැවී 71) ද අර්ධ ශතක ලබාගත් අතර මැසිනොද් විදුහලේ සිහින සිතුමින ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 51 කදී සියලු දෙනා දැවී 143
(කවිඳු ආමන්ත 43, තෙවිඳු දික්වැල්ල 27, සිහින සිතුමින 31/5, ප්‍රමෝද් රාමුනේන්ද්‍ර 13/3)

මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලු දෙනා දැවී 193
(නිම්න ප්‍රනාන්දු 67, සහන් කෝසල 33, දිනක් දිසානායක 50/4, යසිරු කස්තුරිආරච්චි 52/3, තවිඳු උත්සර 22/2)
 
ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 25.5 කදී කඩුල්ලක් දැවී 88
(තෙවිඳු දික්වැල්ල නොදැවී 71)

-036

 


අදහස් (0)

මැසිනොද් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.