Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැතිව්ස් ඉවත් කිරීම අනවශ්‍ය ප්‍රශ්නයක්

මැතිව්ස් ඉවත් කිරීම අනවශ්‍ය ප්‍රශ්නයක්

යොහාන් භාසුර - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට දස්කම් අතර ඉන්නවා බවත් ඒ නිසා විස්සයි20 සංචිතයෙන් ඉවත්කිරීම ප්‍රශ්නයක් වියහැකි බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් විස්සයි20 සංචිතයෙන් ඉවත්කිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයාගෙන් කළ විමසුමේදී වැඩි දුරටත් මෙසේ පැවසීය.  

“ඇන්ජලෝ මැතිව්ස් මට කථා කරලා කියලා නෑ මාව දාලා නෑ කියලා. සාමාන්‍යයෙන් 24 ක සංචිතයක් ආවම සාමාන්‍යයෙන් තේරීම් කමිටුවේ ප්‍රධානියාට කථා කරලා අහනව මොනව හරි අඩු පාඩුවක් තියෙනවාද කියලා. මොකක්ද හේතුව කියලා”

“මැතිව්ස් ෆෝම් එකේ ඉන්නේ. ඒ ෆෝම් එක කඩන එකත් අවුලක් වගේ. මාත් විශ්වාස කරනවා ඇත්තටම..., බලමු මට තාම ලැයිස්තුව ආවේ නෑ”

“සමහර තැන්වල අපි සමූහික තීරණ අහනවා. මම පොට්ටයෙක් නොවෙයි. මම ක්‍රීඩාව හොඳට බලන මිනිහෙක් නිසා මට දැනෙන දේ මම කියනවා. ඒ අය ඒ වෙලාවට උත්තර දෙනවා. මේ හේතුව නිසයි මේක කළේ නැත්තෙ කියන විදියට”

“හැබැයි මම ඇත්තටම හිතනවා විස්සයි20 වලට තරුණම සෙට් එකක් හදාගන්න පුළුවන්නම්. අපි දැක්කා ෂෙහාන් ජයසූරියලා, වනිඳු හසරංගලා, දසුන් ශානකලා, එවැනි සෙට් එකකුත් ඉස්සරහට ගේන එකක් එකාතකට හොඳයි ඉතින්. හැබැයි ඉතින් දෙපැත්තක් තියෙනවා. මම සිලෙක්ටර් නෙමෙයිනේ,
පුහුණුකරුවෙකුත් නෙමෙයිනේ. ඔබතුමාලගේ යාළුවෙක් හැටියට ඇහුවොත් මම කියන්නම්”
“මම ටීටුවෙන්ටිවලට ආසයි. අර තරුණ, පොඞ්ඩක් නිකන් අර වයිබ්රන් ප්ලෙයස්ලා කීපදෙනෙක් ඇතුළට ඇවිල්ලා ඉස්සරහ ගැන හිතලා යන ගැනත් හොඳක් තියෙනවා කියලාත් මම හිතනවා”
“ලෝක කුසලානයට යන්න පෙර නායකයාගේ ප්‍රශ්නයේදී අපිට තීරණයක් ගන්න වුණා ඇන්ජලෝ මැතිව්ස් නායකයා කරනවද? නැත්තන් අලුත් නායකයෙක් ගේනවද? දිනේෂ් චන්දිමාල්ව නායකයා කරන්නෙ කොහොමද? මේ සියලු ප්‍රශ්න තිබුණා”

“මම පළමු වරට ඕස්ටේ්‍රලියාවට ගිහිල්ලා කණ්ඩායම හමුවෙලා. අපි ඒ වෙලාවේ වෙනස්කම් කළේ කණ්ඩායමට කොන්ෆිඩන්ස් එක ගේන්නනේ. දැන් චන්දි කොහොම හරි දැන් ඇතුළට ඇවිත් ඉන්නවා. කොයිවෙලාවක හරි එයාට මැච් එකක් ලැබෙයි. ඔය යන විදියට ක්‍රීඩකයෙක් තුවාල වුණොත් හරි කොහොමහරි ඇතුළට එයි. ඔහු දැන් ඉන්න මානසිකත්ව වෙනස් නේද?
“මට තාම කණ්ඩායම ආවේ නෑ. මම හිතන්නෙ මාලිංග කොහොමත් ක්‍රීඩා කරයි. දිමුත් විස්සයි20 ක්‍රීඩා කරන්නේ නෑ. ඒ නිසා නායකත්වයේ හිඩසක් කියෙනවා. මට මුකුත් කියලා නෑ”

 


අදහස් (0)

මැතිව්ස් ඉවත් කිරීම අනවශ්‍ය ප්‍රශ්නයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.