Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැඩොන්සා රේසිං තරගය ජයගනී

මැඩොන්සා රේසිං තරගය ජයගනී

නාමල් පතිරගේ - 2019 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ අනුරාධපුරයේ සිට)

ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින් පැවැති පාපැදි තරගාවලියේදී රේසින් තරගය ජයගැනීමට බස්නාහිර පළාතේ අවිෂ්ක මැඩොන්සා (පැය 2 විනාඩි 38 තත්පර 53) සමත් විය. ජාතික ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලිය අනුරාධපුරය පූජා නගරය හා අවට ධාවන මාර්ගයන් ඔස්සේ පැවැත්වුණි.

මෙම පාපැදි තරගාවලියේ රේසිං තරගයේදී දිවයිනේ කැපී පෙනන පාපැදි ශූරයෝ ජයග්‍රහණ වැඩි සංඛ්‍යාවක් අත්කර ගත්හ.

ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ රාජ්‍ය ක්‍රීඩා උළෙලේ රේසින් පාපැදි තරගාවලිය විවෘත ඉසව්වක් ලෙස පැවැත්වුණේ පළමු වතාවටය. ඒ අනුව රේසින් පිරිමි පාපැදි තරගය හා කාන්තා තරගය නමගිය පාපැදි තරගකරුවන්ට නතුවීමෙන් මෙතෙක් එහි ජයග්‍රහකයන් ලෙස ඉදිරියට ආ පළාත් තරගකරුවන්ට අසාධාරණයක් වූ බව ප්‍රවීන පාපැදි විචාරකයෝ කීහ. එසේ වුවත් මේ දක්වා පළාත් මට්ටමින් ක්‍රීඩකයන් කැඳවා තරගාවලිය පැවැත්වීමේ දී ඇතැම් පළාත්වලට අත්විඳීමට සිදුවූ විෂමතා සැලකිල්ලට ගනිමින් මෙවර විවෘත තරගාවලියක් ලෙස එය පැවැත්වූ බව නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. වික්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවසීය.

තරගාවලියේප්‍රධානතම ඉසව්වක් වන රේසින් පිරිමි තරගය සඳහා ක්‍රීඩකයෝ 110 ක් සහභාගි වූහ. ඒ අතර ස්ටෑන්ටඞ් කාන්තා තරගය ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට පමණක් සීමා විය.

රේසින් පාපැදි තරගයේදී සිදුවූ අනතුරකින් එක් ක්‍රීඩකයෙකු බරපතළ තුවාල ලැබූ බව වාර්තා විය. එම ක්‍රීඩකයාගේ පාපැදිය දෙකට කැඩීයාම නිසා පසු පසින් පැමිණි තවත් තරගකරුවන් තිදෙනෙකු එහි ගැටීමෙන් අනුරාධපුරය රෝහලට ඇතුළත් කෙරුණි. රේසින් කාන්තා තරගයේ නිමාවට ආසන්නයේ වූ අනතුරකින් එක් ක්‍රීඩිකාවක් තුවාල ලැබීය. ඒ ඇයගේ පාපැදිය මාර්ගයේ සලකුණු පුවරුවක ගැටීමෙනි.

“ආණ්ඩුව මැදිහත් වෙලා කරන මේ පාපැදි තරගයට යම් කිසි ආවේණික බවක් තිබ්බා. නමුත් අද ඒකත් රටේ තවත් එක විවෘත පාපැදි තරගාවලියක් බවට පත් වෙලා තිබෙනවා...මේ තත්ත්වය අනුව පළාත්වල පාපැදි ක්‍රීඩාන කඩා වැටෙන්න පුළුවන්” යයි ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක මහතා කීවේය.

“විවෘත ඉසව්වක් කිරීමෙන් හැකියාව ඇති ක්‍රීඩකයන් සිය ගණනක් මේ තරගාවලියට ඉදිරිපත් කරනවා. නමුත් එහෙම බැරි පළාත් ඒ ක්‍රමයෙන් තව තවත් ඈත්වෙනවා. අවසානයේ එය රටේ පාපැදි ක්‍රීඩාවේ පැවැත්මේ සමබරතාවයට බලපෑමක් ද විය හැකියි”  යැයි ද උපාලි රත්නායක මහතා වැඩිදුරටත් පැවැසීය.


පාපැදි තරග ප්‍රතිඵල

■රේසින් පිරිමි තරගය (කිලෝමීටර් 110)

1. අවිෂ්ක මැඩොන්සා (බස්නාහිර- පැය 2 විනාඩි 38 තත්පර 53)
2. මලින්ත සඳරුවන් (වයඹ- පැය 2 විනාඩි 38 තත්පර 53)
3. ප්‍රභාත් මධුශංඛ පෙරේරා (බස්නාහිර- පැය 2 විනාඩි 38 තත්පර 53)
4. චමෝද් ද සිල්වා (බස්නාහිර- පැය 2 විනාඩි 38 තත්පර 53)
5. තරංග සඳරුවන් (දකුණ- පැය 2 විනාඩි 38 තත්පර 53)
6. කේ.ටී.පි. විජේවික්‍රම (බස්නාහිර- පැය 2 විනාඩි 39 තත්පර 03)
7. කසුන් නිමේෂ් ද සිල්වා (බස්නාහිර- පැය 2 විනාඩි 41 තත්පර 21)
8. සම්පත් වීරසිංහ (බස්නාහිර- පැය 2 විනාඩි 41 තත්පර 21)
9. රමේෂ් අප්පුහාමි (වයඹ- පැය 2 විනාඩි 41 තත්පර 21)
10. සුරංග රණවීර (බස්නාහිර- පැය 2 විනාඩි 41 තත්පර 37)


■රේසිං කාන්තා තරගය (කිලෝමීටර් 30-4)

1. මධුෂානි රණසිංහ (උතුරු මැද පැය 1 විනාඩි 33 තත්පර 27)
2. නිරෝෂනී පෙරේරා (වයඹ 1.33.27)
3. ආකාෂ් සඳමිණි (බස්නාහිර 1.33.27)
4. නිමේෂා දිල්රුක්ෂි විජේසිංහ (ඌව 1.33.27)
5. සන්ධ්‍යා කුමාරි (බස්නාහිර 1.33.27)


■ස්ටෑන්ඩට් පිරිමි තරගය (කිලෝමීටර් 110)

1. ඩිල්ෂාන් මාන්නප්පෙරුම (බස්නාහිර පැය 2 විනාඩි 55 තත්පර 47)
2. අකේෂ් ද සිල්වා (බස්නාහිර 2.55.47)
3. ප්‍රසන්න ජයසිංහ (බස්නාහිර 2.55.47)
4. කවිඳු දිසානායක (උතුරු මැද 2.55.47)
5. කේ එල්. දිසානායක (දකුණ 2.55.47)
6. ඩබ්ලිව්.පී.එල්. මධුශංක (උතුරු මැද 2.55.47)
7. තිස්ස කරුණාරත්න (නැගෙනහිර 2.55.47)
8. පුබුදු රණසර (දකුණ 2.56.07)
9 ඩිල්ෂාන් ද සිල්වා (බස්නාහිර 2.56.07)
10. සුපුන් ආසිරි (බස්නාහිර 2.56.07)


■ස්ටෑන්ඩඞ් කාන්තා තරගය

1. සඳුනි නිපුණිකා සගෝදාගේ (වයඹ පැය 1 විනාඩි 35 තත්ත්.5)
2. එන්. රාතිකා (උතුරු 1.38.20)
3. අයි. කමිලාරෂී (උතුරු 1.38.20)
4. ඉනෝකා චාන්දනා සිරිවර්ධන (උතුරු මැද 1.38.20)
5. නිරෝෂා ප්‍රියදර්ශනී (උතුරු මැද 1.38.27)

 

ස්ටෑන්ඩට් පිරිමි තරගය (කිලෝමීටර් 110) ජයග්‍රහණය කළ ඩිල්ෂාන් මාන්නප්පෙරුම

 


අදහස් (0)

මැඩොන්සා රේසිං තරගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.