Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැට්ට සහිත ක්‍රීඩාංගණවල ජාතික ටෙනිස් තරග 13 දා සිට

මැට්ට සහිත ක්‍රීඩාංගණවල ජාතික ටෙනිස් තරග 13 දා සිට

ශානුක අරවින්ද - 2020 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන මැටි සහිත ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන ජාතික ටෙනිස් තරගාවලිය මේ මස 13 වැනිදා සිට 26 වැනිදා දක්වා එම සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඉසව් 27 කින් සමන්විත වන මෙම තරගාවලිය කනිෂ්ඨ, විවෘත, ජ්‍යෙෂ්ඨ සහ රෝද පුටු ලෙස කාණ්ඩ 4 කින් සමන්විත වේ. විවෘත කාණ්ඩයේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්නා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වේ.

කනිෂ්ඨ කාණ්ඩයේදී වයස අවුරුදු 12 සිට 18 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහාද, ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේදී වයස අවුරුදු 35 ට වැඩි, 45 ට වැඩි සහ 55 ට වැඩි තරගකරුවන් සඳහාද, රෝද පුටු කාණ්ඩයේදී ආබාධිත තරගකරුවන් සඳහාද කේවල සහ යුගල තරග පැවැත්වේ.

අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ නිතී රෙගුලාසි වලට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ තරග තීරකවරයා ලෙස ධාරක එල්ලාවල මහතාද, තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස ගනේන්ද්‍රන් සුබ්‍රමනියම් මහතාද කටයුතු කරති.

‘හච්’ සන්නිවේදන සමාගම හැටන් නැෂනල් බැංකුව තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර එන්.ඩී.බී. බැංකුව, සෙලින්කෝ ලයිෆ්, වෝකර් ටුවර්ස් සහ ආර්.එන්.බී. යන සමාගම් සහ ආයතන සම අනුග්‍රාහකයන් ලෙස තරගාවලියට එක්ව සිටියි.

‘හච්’ සන්නිවේදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණී රම්සිනා මෝසෙත් ලී (Ramzeena Morseth Lye) මහත්මිය අතින් තරගාවලි අධ්‍යක්ෂවරයා වන ගනේන්ද්‍රන් සුබ්‍රමනියම් මහතා අනුග්‍රාහක චෙක්පත ලබාගත් අයුරු.

හැටන් නැෂනල් බැංකුවේ සාමාන්‍යාධිකාරී සංජය විජේමාන්න මහතා අතින් තරගාවලි අධ්‍යක්ෂවරයා වන ගනේන්ද්‍රන් සුබ්‍රමනියම් මහතා අනුග්‍රාහක චෙක්පත ලබාගත් අයුරු..


අදහස් (0)

මැට්ට සහිත ක්‍රීඩාංගණවල ජාතික ටෙනිස් තරග 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.