Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාස් හෝල්ඩිංග්ස් ශූරතාව දිනයි

මාස් හෝල්ඩිංග්ස් ශූරතාව දිනයි

Nisanka Sandeepani - 2017 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට මාස් හෝල්ඩින් ආයතනය සමත් විය. ගියවර එම ශූරතාව දිනා සිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුශූරයන් බවට පත් කරමින් මාස් හොල්ඩින් ආයතනය මෙවර ශූරතාව දිනා ගත්තේය.

වෙළඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනය විසින් වෙළඳ සේවා ආයතන 54 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000ක ගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණ.

මෙම තරගාවලියේදී නව තරග වාර්තා 30ක් පිහිටවූ අතර එක් වාර්තාවක් සම කෙරුණි.

මාස් හොල්ඩින් ආයතනයේ නදීර ලියනගේ සහ හැටන් නැෂනල් බැංකුවේ එම්.කේ.ජී.ජී. අමරවංශ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනා ගත්හ.

උස පැනීම මීටර 1.95 කින් නිම කළ  දක්ෂතාවය මත නදීර ලියනගේ සම්මාන දිනාගත් අතර දුර පැනීම මීටර 4.55 කින් නිම කිරීමේ දක්ෂතාවය මත එම්.කේ.ජී.ජී. අමරවංශ සම්මානය දිනාගත්තාය. 

 


අදහස් (0)

මාස් හෝල්ඩිංග්ස් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.