Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම ජයගනී

මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2020 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර කටුනේරිය ශාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී මාරිස්ටෙලා විදුහලේ ශිරාන් චානුක (නොදැවී 55) සහ ෂේන් ආදිත්‍ය (56) ද, ශාන්ත සර්වේෂස් විදුහලේ චිහාන් කලිඳු (63) ද අර්ධ ශතක ලබාගත් අතර ශාන්ත සර්වේෂස් විදුහලේ කේෂර නුවන්ත ලකුණු 128 කට කඩුලු 9 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 73.5 කදී සියලු දෙනා දැවී 237
(ශිරාන් චානුක නොදැවී 55, තිලිණ පෙරේරා 49, කවීන් ප්‍රනාන්දු 33, ආමන්ත පෙරේරා 29, නිදුල මධුෂංක 21, කේෂර නුවන්ත 128/9)

ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලු දෙනා දැවී 206
(චිහාන් කලිඳු 63, නවීන් ශාහිඞ් 35, මධුෂාන් ද සිල්වා 24, චේතක දෙනුවන් 21, තිලිණ පෙරේරා 46/4, හේෂාන් සිල්වා 37/2, නවීන් ප්‍රනාන්දු 46/2)

මාරිස්ටෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 58 කදී කඩුලු 5 ක් දැවී 173
(ෂේන් ආදිත්‍ය 56, කවීන් ප්‍රනාන්දු 46, තිලිණ පෙරේරා 25, පසන් සත්සර 10/2)


-036


අදහස් (0)

මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.