Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාර්ග ධාවන තරගය 2 වැනිදා

මාර්ග ධාවන තරගය 2 වැනිදා

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු ප්‍රවීණ ක්‍රීඩා ජනමාධ්‍යවේදියකු වන අභාවප්‍රාප්ත සුනිල් අභයවර්ධන මහතා අනුස්මරණය කරමින් ලබන දෙසැම්බර් 2 වැනිදා පෙරවරු 9.00 විවෘත මාර්ග ධාවන තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම මාර්ග ධාවන තරගය වත්තල ආසනයේ තරගකරුවන්ට පමණක් සීමාවේ.

 එහිදී ජයග්‍රාහකයාට සුනිල් අභයවර්ධන අනුස්මරණ ශූරතා කුසලාන සමග රුපියල් 7500 ක්ද දෙවැනි ස්ථානයට රුපියල් 5000 ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 2500ක්ද ප්‍රදානය කෙරේ. එහිදී 10 වැනි ස්ථානය දක්වා තවත් විශේෂ මුදලින් ත්‍යාග රැසක් ප්‍රදානය කිරීමට  තරග සංවිධායක කමිටුව කටයුතු  යොදා තිබේ.

පළාත් සභා මන්තිී ඩෝල්ටන් ජානක සූරියබණ්ඩාර, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් යන මහත්වරුන් ඇතුළුව ලංකා ස්පෝට්ස් රයිසන් ආයතනය, කෙරවලපිටිය පැරඩයිස් චොයිස් ආයතනය, වත්තල ෆ්ලයින් වීල් පාපැදි ක්‍රීඩා  සමාජය සුනිල් අභයවර්ධන මිතුරු කැල, කෙරවලපිටිය මුදිත ක්‍රීඩා සමාජය, ප්‍රජා පොලිස් කමිටුව, වත්තල ප්‍රජා පොලිසිය ඇතුළු සංවිධාන රැසක් මේ සඳහා අනුග්‍රහය දක්වති.

 


අදහස් (0)

මාර්ග ධාවන තරගය 2 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.