Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාතලේ සා.තෝමස් විදුහල් කලාපීය ශූරතා දිනති

මාතලේ සා.තෝමස් විදුහල් කලාපීය ශූරතා දිනති

Nisanka Sandeepani - 2018 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතලේ අධ්‍යාපන කලාපීය අන්තර් විද්‍යාලීය මලල ක්‍රීඩා තරගාවලියේදී 120ක් ලබාගත් සාන්ත තෝමස් ජාතික පාසල සමස්ත බාලක ශූරතාව දිනා ගත්තේය. ලකුණු 94ක් ලැබූ මාතලේ සාන්ත තෝමස් බාලිකා විදුහල බාලිකා ශූරතාව දිනා ගත්තේය. 

මෙම තරගාවලිය මාතලේ බර්නාඞ් අලුවිහාරේ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

බාලක අනුශුරතාවය ලකුණු 104 ක් ලැබූ මාතලේ හින්දු ජාතික පාසලට හිමිවූ අතර  තෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ ලකුණු 33ක් ලැබු  උකුවෙල අජ්මීර් ජාතික පාසලයි.

බාලිකා අනුශුරතාවය ලකුණු 87ක් ලැබු මාතලේ  ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල   දිනාගත් අතර තෙවැනි ස්ථානය ලකුණු 30 ලබාගත් මාතලේ විජය ජාතික පාසල සහ නාගොල්ල සිද්ධාර්ථ මධ්‍ය මහ විදුහල හිමිකර ගත්තේ සම දක්ෂතා දක්වමිණි. 

තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩාකයා ලෙස වයස අවු 20න් පහළ දුරපැනීම තරග ඉසව්වෙන් මීටර් 6.51 ක දක්ෂතා දැක්වු මාතලේ සාන්ත තෝමස් ජාතික පාසලේ තාරක බණ්ඩාර සමරකෝන් ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වයස අවු 20න් පහළ මීටර් 400 තරග ඉසව්වෙන් මි.1 තත් 5.9 ක දක්ෂතා දැක්වු මාතලේ සාන්ත තෝමස් බාලිකා විදුහලේ එම්.ඩී.සඳලි අමායා ද සම්මාන ලැබුහ. 

මෙම තරගාවලියේදී කනිෂ්ඨ බාලක ශුරතාවය සහ බාලිකා ශුරතාවය මාතලේ විජය ජාතික පාසල විසින් හිමිකර ගන්නා ලදී. බාලක අනුශුරතාවය මාතලේ සහිරා ජාතික පාසල විසින් සහ බාලිකා අනුශුරතාවය මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල විසින් හිමිකර ගන්නා ලදහ. 

මාතලේ අධ්‍යාපන කලාප ක්‍රීඩා ඉතිහාසයේ අඛණ්ඩව සමස්ත බාලිකා ශුරතාව දිනා සිටි මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලින් මුල්වරට එම ශුරතාවය ගිලිහියාමද, මාතලේ සාන්ත තෝමස් ජාතික පාසල අඛණ්ඩව මෙවරද බාලක සමස්ත මලල ක්‍රීඩා ශුරතාවය දිනා ගැනීම සමත්වීම විශේෂත්වයකි. 

මෙම තරගය මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහින්ද එස් යාපා මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (ක්‍රීඩා) ධම්මික හේවාවසම් මහතාගේ අධික්ෂණය යටතේ මාතලේ අධ්‍යාපන කලාපීය ක්‍රීඩා සම්බන්ධිකරණ නිලධාරි දන්ත මාරපන මහතා විසින් සංවිධානය කරන ලදී.

මෙහිදි දක්ෂතම ක්‍රීඩාකයා ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවන් මෙසේය 

වයස අවු 12න් පහළ බාලක - ඒ.පි.කේ.අලවත්ත (මාතලේ විජය ජාතික පාසල) 

වයස අවු 12න් පහළ බාලිකා - එම්.එස්.එස්.සාජා (ආමිනා ජාතික පාසල)

වයස අවු 14න් පහළ බාලක - ඒ.ටි.එම්.ඩි.පෙරේරා  (මඩවල උල්පත ද්විතියික පාසල)

වයස අවු 14න් පහළ බාලිකා - ෂාලුනි විහංගනා (විජය ජාතික පාසල)

වයස අවු 16න් පහළ බාලක - ඩබ්.ඉමල්ක දේශාන් (සාන්ත තෝමස් ජාතික පාසල) 

වයස අවු 16න් පහළ බාලිකා - සෙත්මිණි හේවාමුල්ල ( විජය ජාතික පාසල).

වයස අවු 18න් පහළ බාලක - එම්.එම්.සෆ්රාන් දස්තකීර් ( යටවත්ත වීරපරාක්‍රම ම ම.ම.වි)

වයස අවු 18න් පහළ බාලිකා - චාම්යාණ රඹුක්වැල්ල (සාන්ත තෝමස් බා.වි)

වයස අවු 20න් පහළ බාලක - තාරක බණ්ඩාර සමරකෝන් (සාන්ත තෝමස් ජාතික පාසල)

වයස අවු 20න් පහළ බාලිකා - එම්.ඩී.සදලි අමායා (සාන්ත තෝමස් බාලිකා විද්‍යාලය)


අදහස් (0)

මාතලේ සා.තෝමස් විදුහල් කලාපීය ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.