Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහේල - සංගා කුසලාන තරගය 20-21 මහනුවරදී

මහේල - සංගා කුසලාන තරගය 20-21 මහනුවරදී

editorial - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විදුහලේ සහ මහනුවර ත්‍රිත්ව විදුහලේ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන ‘මහේල - සංගා අභියෝග කුසලාන’ වාර්ෂික ක්‍රිකට් තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී මේ මස 20 සහ 21 දෙදින පැවැත්වේ. නාලන්දා විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර වයස 19 න් පහළ ක්‍රිකට් තරගය 1978 වසරේ සිට වසර 42 ක කාලයක් පවත්වා ඇති අතර 2018 වසරේ සිට එම තරගය ‘මහේල - සංගා අභියෝග කුසලාන’ වෙනුවෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍ය මහේල ජයවර්ධන සහ ත්‍රිත්ව විදුහලේ ආදි ශිෂ්‍ය කුමාර් සංගක්කාර යන මහත්වරු ශ්‍රී ලංකාවේ සහ ලෝක ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ කාලයේ මෙන්ම ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ද ලබාදුන් ආදර්ශය අනාගත පරපුරට උකහාගැනීම සඳහා එම කුසලානයට'Sprit of cricket legacy for future generation'  ලෙස පාඨයක් ද එකතු කර තිබේ.  

මෙවර තරගය කොළඹ නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය 88 කණ්ඩායමත්, එම විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සහ ආදි නාලන්දා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සහයෝගය ඇතිව සංවිධානය කෙරේ.

පසුගිය වසරේදී පැවැති ‘මහේල - සංගා අභියෝග කුසලාන’ පළමු තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහල ලකුණු 47 ක පූර්ණ ජයක් ලබමින් කුසලානය හිමිකර ගත්තේය.

- 048


අදහස් (0)

මහේල - සංගා කුසලාන තරගය 20-21 මහනුවරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.