Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහීපාල හේරත් අභියෝග කුසලාන මේසපන්දු තරගාවලිය 30 - 31

මහීපාල හේරත් අභියෝග කුසලාන මේසපන්දු තරගාවලිය 30 - 31

ශානුක අරවින්ද - 2021 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමය සංවිධානය කරන මහීපාල හේරත් අභියෝග කුසලාන සමස්ත ලංකා මේසපන්දු තරගාවලිය මේ මස 30 සහ 31 යන දෙදින කෑගලු බාලිකා විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තු වන තරගකරුවන් ඩබ්. තුෂාර සම්පත් කුමාර, ලේකම්, කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමය, එච්/66/8/4, විජයපුර උද්‍යානය, උඩඹ සියඹලාපිටිය, කෑගල්ල යන ලිපිනයට අයදුම්පත් යොමුකළ යුතුය. අයදුම්පත් භාරගැනීම මේ මස 20 වැනිදා පස්වරු 3.00 ට අවසන් වේ.

පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන කාණ්ඩ යටතේ මෙම තරගාවලියේදී පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැතවේ. සියලුම තරගකරුවන් තරගවලිය සඳහා හඳුන්වාදී ඇති සෞඛ්‍ය නීති රෙගුලාසි අනුගමනය කරමින් තරගාවලියට සහභාගි විය යුතුය.

මේ දින වල රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තරගයට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට පමණක් තරග පැවැත්වෙන ස්ථානයට ඇතුළු විය හැකි අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ට සහ වෙනත් සහායකයන්ට නරග නැරඹීම සඳහා අවසර නොමැත.

තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 070-2003384 හෝ 071-6951291 යන දුරකතන අංක ඔස්සේ කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ ලේකම් තුෂාර සම්පත් මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.

 


අදහස් (0)

මහීපාල හේරත් අභියෝග කුසලාන මේසපන්දු තරගාවලිය 30 - 31

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.