Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කඳාන ද මැසිනොද් විද්‍යාලයට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 3 ක ජයක් හිමිකර ගත් කොළඹ මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අද (30 වැනිදා) සමත්විය. මෙම තරගය කඳාන ද මැසිනොද් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලෙස්ටර් ජයවීර (54) ද මැසිනොද් විද්‍යාලය වෙනුවෙනුත් විනුක රූබසිංහ (62) මහානාම විද්‍යාලය වෙනුවෙනුත් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ද මැසිනොද් විද්‍යාලය - ඕවර 34 කදී සියලුදෙනා දැවී 183
(ලෙස්ටර් ජයවීර 54, රුවීන් ෆොන්සේකා 33, සහන් කෝසල 30, ශෙනන් ප්‍රනාන්දු 23, පවන් රත්නායක 34/2, අචින්ත සුපුන් 36/2)

මහානාම විද්‍යාලය - ඕවර 38 කදී කඩුලු 8 ක් දැවී 180
(විනුක රූබසිංහ 62, සදීශාන් චමෝද්‍ය 24, පුල්ෂාන් රෝහන 23, අචින්ත සුපුන් 20, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 30/2)

 


අදහස් (0)

මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.