Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහවැලි ක්‍රීඩා උළෙල අවලංගු කරයි

මහවැලි ක්‍රීඩා උළෙල අවලංගු කරයි

යොහාන් භාසුර - 2020 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවිධානයෙන් XXXII වැනි වරටත් පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට සිදුවන බව මහවැලි අධිකාරියේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයක් අනුව 1986 වසරේ ආරම්භ වූ මහවැලි ක්‍රීඩා උළෙල වසංගත රෝගයක් හේතුවෙන් අවලංගු කළ පළමු අවස්ථාව මෙය වන අතර වසර 34 ක මහවැලි ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩා උළෙල අවලංගු කළ තෙවැනි අවස්ථාව මෙය වේ.

මීට පෙර මුදල් ප්‍රතිපාදන නොමැති යැයි පවසමින් 2013 සහ 2014 වසරවලදී ක්‍රීඩා උළෙල අවලංගු කළේය.

“ක්‍රීඩා උළෙල නොවැම්බර් මස හෝ පැවැත්වීමට මහවැලි අධිකාරිය බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් මේ වන විට මහවැලියට අයිති ප්‍රදේශ රැසක ‘කොවිඞ් 19’ පැතිර යෑමේ අවදානමක් තිබීම නිසා ක්‍රීඩා උළෙල අතහැර දාන්න වෙනවා”

“මහවැලි ‘බී’ කළාපයට අයත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, ‘එච්’ කළාපයට අයත් රාජාංගණය, ඒ වගේම අනුරාධපුර කොච්චියාගම වැනි ප්‍රදේශ අවදානම් කළාප ලෙස පැවතීමෙන් ක්‍රීඩා කිරීමේ හැකියාවක් නෑ”

“මාර්තු මස රටම වසා දමන විට කළාප මට්ටමින් වැඩ කරමින් සිටියේ. නමුත් අපිට කණ්ඩායම් තරග හෝ පැවැත්වීමේ හැකියාවක් ලැබුණෙ නෑ. ඒ නිසා මෙවර ක්‍රීඩා උළෙල කරන්න හැකියාවක් නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මෙවර ක්‍රීඩා උළෙල වැලිඔයදී ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබුණි.

 


අදහස් (0)

මහවැලි ක්‍රීඩා උළෙල අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.