Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර පිල 10 වැනි ජය ලබයි

මහනුවර පිල 10 වැනි ජය ලබයි

editorial - 2020 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා රග්බි පිටියේදී අද (08) පස්වරුවේ පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 36-26 කින් යුද හමුදා පිල පරාජය කළේය.

මහනුවර පිල මෙම ජයග්‍රහණයත් සමඟ සහභාගි වූ තරග 10 ජය ලබා තව දුරටත් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත්ව සිටියි.  

ජයග්‍රාහි මහනුවර පිල ගෝල තුනකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු 36 රැස්කළේය. යුද හමුදා පිලට ගෝල තුනකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.
මෙහිදී මහනුවර පිල මෙන්ම යුද හමුදා පිල ද අතිරේක ප්‍රසාද ලකුණ හිමිකරගැනීම කැපී පෙනේ.

මහනුවර ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 26-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියහ.  

තරගයේ තුන්වැනි මිනිත්තුවේදී සුදාරක දික්කුඹුර ප්‍රබල මහනුවර ගෝල සීමාව ආක්‍රමණය කරමින් උත්සාහක දිනුමක් සම්පූර්ණ කිරීමට සමත් විය. ඉසුරු මැදගෙදර එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් යුද හමුදා පිල ලකුණු 7-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

මහනුවර පිල අටවැනි මිනිත්තුවේ සිට 28 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු 20 තුළ ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 19 ක් රැස්කරමින් ග්‍රහණයට නතුකර ගැනීමට සමත් විය. ඒ අනුව ලකුණු පුවරුව 19-7 ක් ලෙස දිස්විය.

කවිඳු පෙරේරා, ජේසන් දිසානායක සහ බුද්ධිම පියරත්න එම කලය තුළ මහනුවර පිලට උත්සාහක දිනුම බැගින් එකතු කළහ. තරින්ද රත්වත්ත ගෝල ප්‍රවර්ථන දෙකක් සාර්ථක කළේය.  

ධනුෂ්ක තල්වත්ත 35 වැනි මිනිත්තුවේදී යුද හමුදා පිලට දෙවැනි උත්සාහක දිනුම එකතු කිරීමෙන් ලකුණු තත්ත්වය 19-12 ක් බවට පත්විය.

පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී ජේසන් දිසානායක සම්පූර්ණ කළ දෙවැනි උත්සාහක දිනුමට තරින්ද අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු පුවරුව 26-12 ක් බවට පරිවර්ථනය විය.

ජේසන් දිසානායක දෙවැනි අර්ධයේ තෙවැනි මිනිත්තුවේදී සිය තෙවැනි උත්සාහක දිනුම මහනුවර පිලට එකතු කළේය. ඒ අනුව ලකුණු තත්ත්වය 31-12 ක් බවට පත්විය.

යුද හමුදා පිලේ ෆීජි ක්‍රීඩක ටොමාසි රවොයුවොයු 48 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. චමත් ප්‍රනාන්දු එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ අතර ඒ අනුව ලකුණු තත්ත්වය 31-19 ක් විය.

එතැන් සිට මිනිත්තු 26 ක කාලයක් දෙපිලටම ලකුණු රැස්කිරීමට නොහැකි වූ අතර එම කාලය තුළ මහනුවර පිලේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ යුද හමුදා පිලේ සුදාරක දික්කුඹුර කහ කාඞ්පත් අවවාද ලබා සිටියෙන් ඉවත්ව සිටියහ.

තරිඳු චතුරංග 74 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමෙන් මහනුවර ලකුණු සංඛ්‍යාව 36 ක් බවට පත්විය.  

තරගයේ නියමිත කාලය අවසන් වීමට මිනිත්තු දෙකක් පමණ තිබියදී ටොමාසි රවොයුවොයු ක්‍රියාත්මක වෙමින් යුද හමුදා පිලට සිය දෙවැනි උත්සාහක දිනුම එකතු කළ අතර සචින් ගමගේ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය. ඒ අනුව අවසන් ලකුණු සටහන 36-26 ක් බවට පත්විය.

 

- 048


අදහස් (0)

මහනුවර පිල 10 වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.