Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර දෙවැනි තැනට වැටෙයි

මහනුවර දෙවැනි තැනට වැටෙයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ පස්වැනි සතියේ තරග අවසන් වන විට මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට ඇද වැටී සිටියේය.

දෙවැනි ස්ථානයේ සිටි හැව්ලොක්ස් පිල තරග 12 න් 11 ක් ජය ලබමින් ප්‍රසාද ලකුණු 64 ක් හිමිකරගනිමින් පළමු ස්ථානයට පැමිණ සිටියි.

මහනුවර පිල පස්වැනි සතියේ තරගයේදී සී. එච්. පිල හමුවේ ලකුණු 33-17 ක් ලෙස පරාජයට පත්ව දෙවැනි පරාජය ලැබීය. මහනුවර පිල පසුගිය සතියේ තරගයේදී ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් කීපදෙනකුගෙන් තොරව ක්‍රීඩා කිරීමෙන් කණ්ඩායම තරමක් දුර්වල විය.

ජාතික කණ්ඩායම නියෝජනය කරන සහ නියෝජනය කළ ක්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් ඇතුළත්ව සිටින මහනුවර පිල මෙවර තරග දෙකක් පරාජයට පත්වීම කැපී පෙනේ. සී. එච්. පිල සහ සී. ආර්. පිල ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙති.

 


අදහස් (0)

මහනුවර දෙවැනි තැනට වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.