Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර ක්‍රීඩකයෝ 11 වැනි ජයත් ලබති

මහනුවර ක්‍රීඩකයෝ 11 වැනි ජයත් ලබති

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ සෙනසුරාදා පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 39-28 කින් නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් විය. මෙම තරගය වැලිසර නාවික හමුදා රග්බි පිටියේදී පැවැත්විණ.

මහනුවර පිල මෙවර තරගාවලියේදී පිට පිටම ලැබූ 11 වැනි ජයග්‍රහණය මෙය වන අතර මේ අනුව මහනුවර පිල තව දුරටත් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත්ව සිටියි. මෙහිදී මහනුවර පිල උත්සාහක දිනුම් පහක් සම්පූර්ණ කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගැනීමට සමත් විය.  

තරගයේ පළමු අර්ධය අවසන් වන විට සත්කාරක නාවික හමුදා පිල ලකුණු 21-19 ක් ලෙස ලකුණු තුනකින් පෙරමුණේ සිටිය ද මහනුවර පිල දෙවැනි අර්ධයේදී සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් පෙමුරණ ගත්තේය.

ඉසුරු කෝන්ගහවත්ත පස්වැනි මිනිත්තුවේ සිට 10 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු පහක් තුළ ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු 10 ක් රැස්කරමින් නාවික හමුදා පිල ඉදිරියෙන් තැබීය. එහෙත් මහනුවර පිලට 11 වැනි මිනිත්තුවේ සිට 18 වැනි මිනිත්තුව දක්වා කාලයේදී ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 12 ක් එකතු වීමෙන් මහනුවර පිල ලකුණු 12--10 ක් ලෙස පළමු වරට පෙරමුණට පැමිණියේය.

ඉසුරු 22 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරින් නාවික හමුදා පිල ලකුණු 13-12 ක් ලෙස නැවතත් පෙරමුණ ගත්තේය.

ඉන් මිනිත්තු දෙකකට පසුව බුද්ධිම පියරත්න විශිෂ්ට ලෙස නාවික හමුදා ගෝල සීමාව ආක්‍රමණය කරමින් මහනුවර පිලට තුන්වැනි උත්සාහක දිනුම එකතු කළේය. තරින්ද රත්වත්ත එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 19-13 ක් ලෙස මහනුවර පිල නැවතත් ඉදිරියට පැමිණියේය.

නාවික හමුදා පිලට චරිත් ඒකනායක 33 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 19-18 ක් බවට පත්ව තරගය උණුසුම් විය. නාවික හමුදා පිලට 39 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ඉසුරු කෝන්ගහවත්ත සාර්ථක කිරීමෙන් නාවික හමුදාව ලකුණු 21-19 ක් ලෙස නැවතත් පෙරමුණට පැමිණියේය.

මහනුවර පිල දෙවැනි අර්ධය ආරම්භයේදී ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු 10 ක් රැස්කරමින් ලකුණු 29-21 ක් ලෙස නැවතත් ඉදිරියට පැමිණියේය. ධනූෂ් දයාන් එහිදී උත්සාහක දිනුම සම්පූර්ණ කළ අතර තරින්ද රත්වත්ත දඩුවම් පහර සහ ගෝල ප්‍රවර්ථනය සාර්ථක කළේය.

නාවික හමුදා පිලට 54 වැනි මිනිත්තුවේදී රදීෂ සෙනෙවිරත්න එකතු කළ උත්සාහක දිනුම ඉසුරු කෝන්ගහවත්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 29-28 ක් බවට පරිවර්ථනය විය.

මහනුවර පිලට 64 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර තරින්ද රත්වත්ත අනගි ලෙස ගෝල කණු අතරින් යැවීමට සැලැස්වීමෙන් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ ගියේය.

දිනුක්‍ෂ දංගේ 69 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට තරින්ද අතිරේක ලකුණු මුසුකිරීමෙන් මහනුවර පිල ලකුණු 39--28 ක් ලෙස ලකුණු පරතරය 11 ක් බවට පත්කරගත්තේය.

- 048


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ 11 වැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.