Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මවුන්ටන් පාපැදි තරග මඟහැරීම ගැන පරීක්‍ෂණයක්

මවුන්ටන් පාපැදි තරග මඟහැරීම ගැන පරීක්‍ෂණයක්

editorial - 2019 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී තරග පාවාදුන්නේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකුට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය නොවැම්බර් මස පාර්ලිමේන්තුවේ සම්මත කළ ‘ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ’ පනතට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය පරීක්‍ෂණ කටයුතු මෙහෙයවීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩකයන් දෙදෙනකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු ‘ඩවුන් හිල්’ මවුන්ටන් පාපැදි ඉසව්වට සහභාගි නොවී තරගයෙන් ඉවත්වීමට ගත් තීරණය තරග පාවාදීමක් දැයි එහිදී විමර්ශනය කෙරෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවේ ලේකම් ජේ. ඒ. තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

මෙම ඉසව්වට රටවල් හතරක සහභාගිත්වය නොමැතිවීම නිසා ඉසව්ව අවලංගු කිරීමට තිබූ අවස්ථාව මඟ හැරීම සඳහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අයැදුම්පතක් ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ. එසේම ශ්‍රී ලංකාව අයැදුම්පත් යොමු නොකළේ නම් සිවුවැනි කණ්ඩායමක් නොවීමෙන් මෙම ඉසව්ව අවලංගු වීමට ඉඩ තිබුණු බව ද වාර්තා වේ.

පරීක්‍ෂණයට මුහුණ දීමට සිදුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනා තරගයට සහභාගි වීම සඳහා තරග අංක  ලබාගෙන ඇති නමුත් පසුව තරගයෙන් ඉවත්වී ඇති බවට චෝදනා එල්ල වේ.

එම ඉසව්වේ පිරිමි සහ කාන්තා රන් පදක්කම නේපාලය විසින් දිනාගන්නා ලදි. කෙසේ වෙතත් නේපාලයට රන් පදක්කම් දිනාගැනීමට අවස්ථාවක් සැලසීම සඳහා තම කණ්ඩායම සිවුවැනි කණ්ඩායම ලෙස අයැදුම් කළ බවත් කණ්ඩායමේ නිලධාරියකු පවසා ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

මෙම ඉසව්වට සූදානම්ව සිටි ක්‍රීඩිකාවන් දෙදෙනා තරගයට පෙර අසනීප වී ඇති බවත් ක්‍රීඩකයන් දෙදෙනා තරග ආරම්භක ස්ථානයට ගිය ද ඔවුන්ගේ ආරක්‍ෂිත උපකරණවල අඩුවක් හේතුවෙන් තරගයෙන් ඉවත්කර ඇති බවත් වාර්තා වේ.

(+++ යොහාන් භාසුර)


අදහස් (0)

මවුන්ටන් පාපැදි තරග මඟහැරීම ගැන පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.