Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා එකමුතුවේ සභාපති ජෝයි ධනුෂ්ක

මලල ක්‍රීඩා එකමුතුවේ සභාපති ජෝයි ධනුෂ්ක

editorial - 2020 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාධනය අරමුණු කරගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකමුතුවක් පසුගියදා පිහිටුවාගන්නා ලදි. එහි සභාපතිවරයා ලෙස හිටපු ජාත්‍යන්තර මලල ක්‍රීඩකයකු වන ජෝයි ධනුෂ්ක පෙරේරා මහතා නිතරගයෙන් පත්විය.

ෂෙහාන් අඹේපිටිය මහතා ප්‍රධාන ලේකම් ධුරයට පත්වූ නව සංවිධානයේ සෙසු අරමුණු අතර ජාතික තරග වාර්තාවන්ට හා ඔලිම්පික් පරිසාධන මට්ටම කරා ළඟාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍යමය වටිනාකමක් ලබාදීම, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෘත්තීය අයිතිවාසිකම් ලබාදීම හා ඔවුන් වෙනුවෙන් අවමංගල්‍යාධාර සේවයක් සලසාදීම යන කරුණු ද වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකා  එකමුතුවේ අභිනව නිලධාරි මණ්ඩලය

සභාපති - ජෝයි ධනුෂ්ක පෙරේරා මහතා
ලේකම් - ෂෙහාන් අඹේපිටිය මහතා
භාණ්ඩාගාරික – ධනුක ලියනපතිරණ මහතා
ප්‍රධාන සංවිධායක – අරවින්ද සමරනායක මහතා
උපසභාපතිවරු - සුමේධ රණසිංහ හා වරුණ ලක්ෂාන් යන මහත්වරු
උපලේකම් - ඉරේෂානි රාජසිංහ මහතා
උපභාණ්ඩාගාරික – අංජනි පුල්වන්ස මහත්මිය
මූල්‍ය සහායක – සාලින්ද රන්දිව් මහතා
කාරක සභාව – හිමාෂ ඒෂාන්, සංජය ජයසිංහ, දුලංජලී රණසිංහ, කුසුන් කුෂාන්, තාරිකා ප්‍රනාන්දු, ලක්ෂිකා සුගන්ධි, දිලිප් රුවන්, සිසිර කුමාර, ඉෂාරා මධුවන්ති හා සෆ්රින් අහමඩ්

 


අදහස් (0)

මලල ක්‍රීඩා එකමුතුවේ සභාපති ජෝයි ධනුෂ්ක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.