Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මංජුලගේ උත්සාහයන් තුනම අසාර්ථක වෙයි

මංජුලගේ උත්සාහයන් තුනම අසාර්ථක වෙයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ මංජුල කුමාරට එහිදි සිය උත්සාහයන් 3 ම ආසාර්ථක වීම නිසා තරගයෙන් ඉවත් වීමට සිදුවිය.

තරගාවලියේ හත්වැනි දිනය වන අද (11 වැනිදා) තරගකරුවන් 12 දෙනකුගේ සහභාගීත්වයෙන් උස පැනීමේ ඉසව්වේ අවසන් මහ තරගය පැවැති අතර එහිදී මීටර 2.18 කඩයිම පසුකර යෑම සඳහා මංජුල දැරූ උත්සාහයන් තුනම අසාර්ථක විය.

මංජුල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ එම ඉසව්වේ මූලික වටයේදී මීටර් 2.21 ක උසක් පනිමිනි.

උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඕස්ටේ්‍රලියාවේ බ්‍රැන්ඩන් ස්ටාක් (මීටර 2.32) සමත් වූ අතර බහමාස්හි ජමාල් විල්සන් (මීටර 2.30) එහි රිදී පදක්කම දිනාගත්තේය. කැනඩාවේ ජැන්ගෝ ලොවෙට් මීටර 2.30 ක උසන් පනිමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.


- 036

 


අදහස් (0)

මංජුලගේ උත්සාහයන් තුනම අසාර්ථක වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.