Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බෝල බැඩ්මින්ටන් ජාතික කනිෂ්ඨ තරගාවලිය හෙට

බෝල බැඩ්මින්ටන් ජාතික කනිෂ්ඨ තරගාවලිය හෙට

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා බෝල බැඩ්මින්ටන් සම්මේලනය සංවිධානය කරන තෙවැනි බෝල බැඩ්මින්ටන් ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලිය හෙට (10) පෙරවරු 8 සිට කිරම ධම්මානන්ද විදුහල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. තරගාවලිය අනිද්දාත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා බාලක හා බාලිකා කණ්ඩායම් 62ක් තරග වදියි. කණ්ඩායම් 32ක් බාලක තරගාවලියට ඇතුළත් වේ. වයස 14න් පහළ 15න් පහළ 18න් පහළ හා 20න් පහළ බාලක හා බාලිකා ඉසව් අටකින් තරගාවලිය සමන්විතය.

වසර 2019 දෙසැම්බර් මාසයේදී පැවැති ජාතික ශූරතා බෝල බැඩ්මින්ටන් තරගාවලියෙන් පසුව දේශීය බෝල බැඩ්මින්ටන් තරගාවලියක් සංවිධානය කෙරෙන පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා බෝල බැඩ්මින්ටන් සම්මේලනයේ ලේකම් ශ්‍යාමලී රේණුකා ජයසූරිය  මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවාය.

වයස 20න් පහළ බාලක හා බාලිකා අවසන් මහ තරග ඉරිදා පස්වරු 5.00 ට පැවැත්වේ. ජයසංකේත ප්‍රදානෝත්සවය වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

- 223


අදහස් (0)

බෝල බැඩ්මින්ටන් ජාතික කනිෂ්ඨ තරගාවලිය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.