Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බොක්සිං සංගමයේ මුල් පුටුවට ඩයන් යළිත් එයි

බොක්සිං සංගමයේ මුල් පුටුවට ඩයන් යළිත් එයි

editorial - 2020 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ මහ සභා රැස්වීමේදී සංගමයේ සභාපතිවරයා ලෙස ඩයන් ගෝමස් මහතා යළිත් වරක් නිතරගයෙන් පත්වීමට නියමිතය. කොළඹ 6, පාමංකඩ පිහිටි ශ්‍රී ලංකා බොක්සිං සංගම් කාර්යාලයේදී මෙවර මහ සභා රැස්වීම පැවැත්වේ.

මේ වසරේ සිට 2024 වසර දක්වා, වසර 4 ක කාලයක් සඳහා ඩයන් ගෝමස් මහතා සභාපතිවරයා ලෙස පත්වීමට නියමිතය. මින් පෙර ඔහු 2004 වසරේ සිට 2007 වසර දක්වාද, 2017 වසරේ සිට මේ දක්වාද දෙවරක් බොක්සිං සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.  ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර ඇති ගෝමස් මහතා, මේ වන විට ආසියානු බොක්සිං සංගමයේ කමිටු සාමාජිකයකු මෙන්ම ජාත්‍යන්තර බොක්සිං සංගමයේ කාන්තාවන් සඳහා වන කමිටුවේ සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.

සංගමයේ සෙසු තනතුරු සඳහාද නිලධාරීන් නිතරගෙන් පත්වීමට නියමිත අතර හිටපු ජාතික ශූරයකු මෙන්ම දකුණු ආසියානු රිදී පදක්කම් ලාභියකු වන සමන් ගුණරත්න මහතා සහ හිටපු ඔලිම්පික් සහ ජාතික බොක්සිං පුහුණුකුරුවකු වන වසන්ත කුමාර මහතා ඉදිරි වසර 4 සඳහා එහි උප සභාපතිවරුන් ලෙස පත්වීමට නියමිතය.

විශ්‍රාමික යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු වන හේමන්ත වීරසිංහ මහතා දෙවැනි වරටත් බොක්සිං සංගමයේ ලේකම්වරයා ලෙස නිතරගයෙන් පත්වීමට නියමිතය. හිටපු ජාතික ශූරයකු වන ඔහු, මේ වන විට ජාත්‍යන්තර බොක්සිං තාක්ෂණික නිලධාරියකු මෙන්ම ආසියානු බොක්සිං තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.

කොළඹ රාජකීය විදුහල් බොක්සිං කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ස්ටබ්ස් පළිහ බොක්සිං ශූරයකුද වන ඕබ්‍රි පීරිස් මහතා සංගමයේ නව භාණ්ඩාගාරිකවරයා ලෙස පත්වීමට නියමිතය.

කොළඹ රාජකීය විදුහල් බොක්සිං කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා පාසල් බොක්සිං කණ්ඩායමේද හිටපු නායකයකු වන අබ්දුල්ලා ඉබානු මහතා සහකාර ලේකම්වරයා ලෙසත්, දීපාල් හේරත් මහතා උප භාණ්ඩාගාරිකවරයා ලෙසත් සංගමයේ විධායක කමිටුවට ඇතුළත් වීමට නියමිතය.


-036


අදහස් (0)

බොක්සිං සංගමයේ මුල් පුටුවට ඩයන් යළිත් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.