Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බොක්සිං තීරක - විනිසුරු සභාපති ඉන්ද්‍රසේන

බොක්සිං තීරක - විනිසුරු සභාපති ඉන්ද්‍රසේන

editorial - 2020 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බොක්සිං තරග තීරකයන්ගේ සහ විනිසුරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති ආර්.කේ. ඉන්ද්‍රසේන මහතා යළිත් වරක් නිතරගයෙන් පත්ව ඇත. 2020-2021 කාල වකවානුව සඳහා එම සංගමයේ නිලධාරී මණ්ඩලය තෝරාගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන් වයිට් ශ්‍රවනාගාරයේදී පැවැති මහසභා රැස්වීම සහ නිලවරණයේදී ඉන්ද්‍රසේන මහතා යළිත් එම තනතුරට පත්වී ඇත.

හිටපු ජාතික ශූරයකු මෙන්ම පුහුණු උපදේශකයකුද වන ඉන්ද්‍රසේන මහතා බොක්සිං තරග තීරකයන්ගේ සහ විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධූරය සඳහා තේරී පත්වූ තෙවැනි අවස්ථාව මෙය වේ. පී.එල්.ජේ. රත්නසූරිය සහ සී.පී.එම්. නානායක්කාර යන මහත්වරු සංගමයේ උප සභාපතිවරු ලෙස නිතරගයෙන් පත්වූහ.

සංගමේ ලේකම්වරයා ලෙස හේමන්ත වීරසිංහ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වූ අතර ඔහු හිටපු ජාතික ශූරයකු මෙන්ම බොක්සිං තාක්ෂණික නිලධාරියකුද වේ. එමෙන්ම ඔහු ආසියානු බොක්සිං සම්මේලනයේ තරග තීරකයන්ගේ සහ විනිසුරුවන්ගේ කොමිසමේ සාමාජිකයකුද වේ.


නව නිලධාරී මණ්ඩලය

සභාපති - ආර්.කේ. ඉන්ද්‍රසේන මහතා
උප සභාපතිවරු - පී.එල්.ජේ. රත්නසූරිය මහතා සහ සී.පී.එම්. නානායක්කාර මහතා
ලේකම් - හේමන්ත වීරසිංහ මහතා
සහකාර ලේකම් - තිස්ස ජේ. චන්ද්‍රදාස මහතා
භාණ්ඩාගාරික - ප්‍රසාද් විජේසේකර මහතා
කමිටු සාමාජිකයෝ - ටී.එස්. වීරසේන, මහේෂ් කොතලාවල, ශ්‍රී ලාල් ගෝමස්, ටී.එන්. තාජුඩීන් සහ ආර්.ඒ. ඩිනේෂා මල්කාන්ති යන මහත්ම මහත්මීන්
විඝනක නිලධාරි - ප්‍රියන්ත මලවි මහතා

-036

 


අදහස් (0)

බොක්සිං තීරක - විනිසුරු සභාපති ඉන්ද්‍රසේන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.