Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බේලි තේරීම් කමිටුවට

බේලි තේරීම් කමිටුවට

editorial - 2019 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ විස්සයි20 පිලේ හිටපු නායක ජෝර්ජ් බේලී ඕස්ට්‍රේලියාවේ ජාතික තේරීම් කමිටු සාමාජිකයින් තිදෙනාගෙන් කෙනෙකු ලෙස අද (27 වැනිදා) පත්කර තිබේ. එම පත්කිරීම සිදුකර ඇත්තේ හිටපු තේරීම් කමිටු සාමාජික ග්‍රෙග් චැපල් මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවයි.

සභාපති ට්‍රෙවර් හෝන්ස් මහතා සහ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් සමග එක්වී පූර්ණ කාලිනව එම භූමිකාව භාරගැනීමට ජෝර්ජ් බේලි තීරණය කළේය. පෙබරවාරී මස මුලදී පැවැති දේශීය බිග් බෑෂ් ලීගයෙන් පසුව බේලි සිය ක්‍රිකට් දිවිය අවසන් කිරීමට තීරණය කළේය.

“වසර කිහිපයක් තිස්සේ ක්‍රීඩකයකු ලෙස දායක වීමට මට වාසනාව ලැබී තිබෙනවා. දැන් තේරීම් කමිටුවේ කාර්යභාරය දිගටම කරගෙන යාමට ලැබීම ඉමහත් ගෞරවයක්” යැයි බේලී මහතා පැවසීය.

තේරීමේ ක්‍රියාවලියට මට වටිනාකමක් එක් කළ හැකි බවත් මගේ අත්දැකීම් ට්‍රෙවර් සහ ජස්ටින්ගේ අත්දැකීම් වලට අනුපූරක වනු ඇති බවත් මට විශ්වාසයි යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. 37හැවිරිදි බේලී ටෙස්ට් තරග 5 කදී, එක්දින තරග 90 කදී සහ විස්සයි20 තරග 30 කදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.

2004 වසරේදී පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළ ජෝර්ජ් බේලී පළමු පෙළ ලකුණු 10,000 ට ලකුණු 12 ක් අඩුවෙන් ලබාගෙන ඇත.

ඔහු කැපී පෙනෙන නායකයෙක් සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ගෞරවනීය, කල්පනාකාරී සහ ත්‍යාගශීලී චරිතයක් යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ජාතික කණ්ඩායම් ප්‍රධානී බෙන් ඔලිවර් මහතා පැවසීය.

...


අදහස් (0)

බේලි තේරීම් කමිටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.