Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බාලිකා ශූරතාව රත්ගම දේවපතිරාජයට

බාලිකා ශූරතාව රත්ගම දේවපතිරාජයට

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ බාලිකා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ශූරතාව දිනාගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය අද (10 වැනිදා) සමත්විය. මත්තේගොඩ සැපර් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට එරෙහිව ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට දේවපතිරාජ බාලිකාවියන් සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දේවපතිරාජ විද්‍යාලීය බාලිකාවියන් ඕවර 25 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 136 ක් රැස්කිරීමට සමත්වූහ.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ශිකාරී රණහංසි පන්දු 58 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 52 ක් ලබාගත්තාය. ශිකාරීට අනගි සහයක් ලබාදුන් කවීශා දිල්හාරී වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් පන්දු 38 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 49 ක් රැස්කරමින් දේවපතිරාජ විද්‍යාලීය ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූවාය.

විදුශිකා පෙරේරා සහ රෂ්මී සෙව්වන්දි කඩුලු 2 බැගින් දවාගනිමින් රත්නාවලී බාලිකා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය රත්නාවලී බාලිකාවියන්ට ඕවර 24.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 122 ක් පමණි.

අමන්දි ගුණරත්න පන්දු 45 කදී ලකුණු 41 ක් සහ සඳුනි නිසංසලා පන්දු 39 කදී ලකුණු 26 ක් රැස්කිරීමට සමත්වුවද රත්නාවලී බාලිකා විද්‍යාලීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් අපොහොසත් වූහ.

සචිනි නිසංසලා ලකුණු 18 කට කඩුලු 3 ක් සහ ටෙලීෂියා චතුරංගි ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගනිමින් දේවපතිරාජ විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

දේවපතිරාජ විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 6 ක් දැවී 136
(ශිකාරී රණහංසි නොදැවී 52, කවීශා දිල්හාරී 49, විදුශිකා පෙරේරා 16/2, රෂ්මී සෙව්වන්දි 38/2)

රත්නාවලී බාලිකා විද්‍යාලය - ඕවර 24.3 කදී සියලුදෙනා දැවී 122
(අමන්දි ගුණරත්න 41, සඳුනි නිසංසලා 26, සචිනි නිසංසලා 18/3, ටෙලීෂියා චතුරංගි 21/2)


අදහස් (1)

බාලිකා ශූරතාව රත්ගම දේවපතිරාජයට
  • kamani Tuesday, 10 March 2020 01:07 PM

    බාලිකා ක්‍රිකට් ගැන කතා කරනවා අඩුයි නේද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.