Last Update  :  2024-04-24 10:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බාබර් අසාම් යළිත් වාර්තා පොතට

බාබර් අසාම් යළිත් වාර්තා පොතට

editorial - 2021 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමත් සමගින් නායකත්වය දැරූ පළමු ටෙස්ට් තරග 4 ම ජයගත් පළමු පාකිස්තානුවා බවට බාබර් අසාම් පත්විය. දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තානයේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී පළමු වරට පාකිස්තානය වෙනුවෙන් නායකත්වය දැරූ බාබර් අසාම් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගත්තේය.

දකුණු අප්‍රිකානු පිලේ පාකිස්තානු සංචාරයට පෙර පැවැති ටෙස්ට් තරගාවලියේදී බාබර් අසාම් නායකත්වයට පත්කළද ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගාවලිය අහිමිව ගියේය. මොහොමඩ් රිස්වාන් නායකත්වය දැරූ එම ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පාකිස්තානය පරාජයට පත්විය. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් තරග 4 ජයග්‍රහණය කරා මෙහෙයවූ නායකයන් අතර 8 වැනියා බවට බාබර් අසාම් පත්විය.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණීගත කිරීම් අතරේ 9 වැනි ස්ථානයේ පසුවන බාබර් අසාම් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතර අංක 1 ට පැමිණ ඇත. බාබර් අසාම් විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ පසුවන්නේය.

ඉන්දීය නායක විරාට් කෝලිට ලැබෙන දැවැන්ත මාධ්‍ය ආවරණය හේතුවෙන් බොහෝ අවස්ථාවලදී විරාට් කෝලි ලොව විශිෂ්ටතම පිතිකරුවා ලෙස හඳුන්වන නමුත් බාබර් අසාම්ටත් එම මාධ්‍ය ආවරණයම ලැබෙන්නේ නම් ක්‍රිකට් ලෝලීන් තරමක් දුරට වික්ෂිප්ත වනු ඇත.

- 2079

 


අදහස් (0)

බාබර් අසාම් යළිත් වාර්තා පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.