Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බ්‍රාවෝ වෙනුවට ෂෙපර්ඞ්

බ්‍රාවෝ වෙනුවට ෂෙපර්ඞ්

editorial - 2020 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත සංචාරය සඳහා නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචියෙන් ඞ්වේන් බ්‍රාවෝ ඉවත් කර ඒ වෙනුවට රොමාරියෝ ෂෙපර්ඞ් නම් කර තිබේ. මේ වන විට පැවැත්වෙමින් පවතින ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි බ්‍රාවෝට ඉකිළි ප්‍රදේශයේ ආබාධයක් ඇතිවිය. මෙම ආබාධය හේතුවෙන් බ්‍රාවෝට අයි.පී,එල්. තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි විය.

“මේ වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැති සීමිත ඕවර තරගාවලියේදී කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කළායින් පස්සේ මෙරූන් ඇදුම ඇඳගෙන සෙල්ලම් කරන්න මට අවස්ථාව ලැබුණෙ නෑ. මා ඒ නිසා නවසීලන්ත සංචාරය ගැන බලාපොරොත්තු රඳවාගෙන සිටියා...”

“අවාසනාවකට පසුගිය සෙනසුරාදා චෙන්නායි පිල වෙනුවෙන් ක්‍රීඩා කරන විට ඇති වූ ආබාධය නිසා මට අයි.පී.එල්. වලින් විතරක් නෙවෙයි නවසීලන්ත සංචාරයෙන්ද ඉවත් වෙන්න වුනා. ඉදිරි දින කිහිපය තුළ මම ටි්‍රනිඩෑඞ් වලට ආපසු යනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමට මම සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා. මට නැවතත් ශක්තිමත් වෙන්න අවශ්‍යයි” යයි බ්‍රාවෝ පැවසීය.

මේ වසර මුලදී සිය මංගල තරගය ක්‍රීඩාකළ ෂෙපර්ඞ් විස්සයි20 තරග දෙකකට පමණක් ක්‍රීඩා කර තිබේ. ඔහු කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර එහිදී කඩුලු 6 ක් දවා ගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්ත කණ්ඩායම් අතර විස්සයි20 තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 ක් පැවැත්වීමට නියමිතව ඇත. විස්සයි20 තරඟාවලිය පළමුව පැවැත්වෙන අතර එය නොවැම්බර් 27 දා ආරම්භ වන්නේය.

නවසීලන්තය බලා යන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 කණ්ඩායම

කරන් පොලාර්ඞ් (නායක), ෆේබියන් ඇලන්, රොමාරියෝ ෂෙපර්ඞ්, ෂෙල්ඩන් කොට්ටේ‍රල්, ඇන්ඞ්්‍ර ෆ්ලෙචර්, ශිම්රන් හෙට්මයර්, බ්‍රෙන්ඩන් කිංග්, කයිල් මේයර්ස්, රෝමන් පවෙල්, කීමෝ පෝල්, නිකලස් පූරන්, ඔෂේන් තෝමස්, හේඞ්න් වොල්ෂ් සහ කෙස්රික් විලියම්ස්.

2079


අදහස් (0)

බ්‍රාවෝ වෙනුවට ෂෙපර්ඞ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.