Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බණ්ඩාරගෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

බණ්ඩාරගෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වේ කිලෝ ග්‍රෑම් 52 (පිරිමි) බර පංතියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාර සමත් විය.

තරගාවලියේ හත්වැනි දිනය වන අද (11 වැනිදා) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ලෙසොතෝ රාජ්‍යයේ තාබෝ මොලේෆි පරාජය කරමින් බණ්ඩාර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. මොලේෆි සහ බණ්ඩාර අතර පැවැති මූලික වටයේ තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තද, අවසානයේ විනිසුරුවන් 5 දෙනාගෙන් සිවුදෙනෙකුගේම වැඩි ලකුණු බණ්ඩාරට හිමිවිය.

ලබන 13 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ ගෞරව් සොලංකිට එරෙහිව බණ්ඩාර තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ජයගැනීමට සමත් වුවහොත් බණ්ඩාරට රන් හෝ රිදී පදක්කමක් කරා යෑමට අවස්ථාව හිමිවන අතර පරාජය වුවහොත් ඔහුට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.

අද පැවැති කිලෝ ග්‍රෑම් 51 (කාන්තා) බර පංතියේ අවසන් පූර්ව වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ දුලානි ජයසිංහ එහිදී කෙන්යාවේ ක්‍රිස්ටීන් ඔන්ගාරේ හමුවේ පරාජයට පත් වූවාය. එම තරගයේ පළමු වටය ජයගැනීමට දුලානි සමත් වුවද, දෙවැනි වටයේදී කෙන්යානු ක්‍රීඩිකාවගේ පහරදීම හමුවේ ඇය ආබාධයකට ලක්වූවාය. ඒ හේතුවෙන් දෙවැනි වටය අතරතුර එම තරගය නතර කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

 

- 036

 


අදහස් (0)

බණ්ඩාරගෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.