Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංග්ලාදේශ ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

බංග්ලාදේශ ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

යොහාන් භාසුර - 2019 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිව්දින තරග දෙකකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරග සංචාරයක් සඳහා බංග්ලාදේශ ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම හෙට (18) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයට සහභාගි වන බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටින බව වාර්තා වේ.  

තරගාවලියේ පළමු තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී මේ මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතය. දෙවැනි සිව්දින තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
 
එක්දින තරගාවලියේ පළමු තරග දෙක ඔක්තෝබර් මස 7 සහ 9 දෙදින හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම්කර තිබේ.
තරග කාලසටහන

● සැප්. 23 සිට 26 - පළමු සිවුදින තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
● සැප්. 30 සිට ඔක්. 03 - දෙවැනි සිවුදින තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
● ඔක්. 07 - පළමු එක්දින තරගය සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
● ඔක්. 09 - දෙවැනි එක්දින තරගය සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
● ඔක්. 12 - තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  

 


අදහස් (0)

බංග්ලාදේශ ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.