Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස්?

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස්?

යොහාන් භාසුර - 2020 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු වන නවීඩ් නවාස් මහතා පත්කිරීම පිළිබඳව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවදානය යොමුකර ඇතැයි වාර්තා වේ. ඒ මහතා මේ වන විට බංග්ලාදේශ වයස 19 න් පහළ පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන ඔක්තෝබර් මස ආරම්භ වීමට නියමිතය.
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු වන නවීඩ් මහතා බංග්ලාදේශ ජාතික කණ්ඩායම සමඟ එක්වීමට ඕස්ට්‍රේලියාවේ සිට පසුගිය 29 වැනිදා බංග්ලාදේශයට පැමිණී බව වාර්තා වේ.  

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු වන දකුණු අප්‍රිකානු ජාතික රසල් ඩොමිනිඕ මහතා ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. රසල් මහතා ඇතුළු සියලුම විදේශීය පුහුණුකරුවන් මේ වන විට ඔවුන්ගේ රටවල්වලට ගොස් සිටින බවත් ඔවුන් නැවත බංග්ලාදේශයට පැමිණීමේ සූදානමක් නොමැති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

බංග්ලාදේශයේ ‘කොවිඩ් 19’ අවදානම වැඩිවීම හේතුවෙන් විදේශ පුහුණුකරුවන් පැමිණීමට අකමැත්ත පළකර ඇති බව ද දැනගන්නට තිබේ.

 බංග්ලාදේශය ක්‍රිකට් පිලේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවන් වන චම්පක රාමනායක සහ අභ්‍යාසක මාරියේ වෙල්ලවරායන් යන මහත්වරු මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර ඔවුහූ නැවත මෙම සංචාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට එක්වීමට සූදානමින් සිටිති.

ඔක්තෝබර් මස මුල සතියේ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග තුනකින් සමන්විත මෙම සංචාරය සඳහා සහභාගි වන බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයන් 35 ත් 40 ත් අතර සංඛ්‍යාවක් ඇතුළත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දැනගන්නට තිබේ.

නවීඩ් නවාස් මහතා ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ බංග්ලාදේශ වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පළමු වරට මෙම වසර (2020) පෙබරවාරි මස දකුණු අප්‍රිකාවේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. එහි අවසන් මහ තරගයේදී බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ ප්‍රබල ඉන්දීය යොවුන් පිල පරාජය කිරීම කැපී පෙනුණි.

එම ජයග්‍රහණයත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තුළ නවීඩ් නවාස් මහතා පිළිබඳව හොඳ විශ්වාසයක් ගොඩනැගී ඇති බව ද දැනගන්නට තිබේ.

නවීඩ් නවාස් මහතා මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළේය.

වමත් පිතිකරුවකු වන නවීඩ් නවාස්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරගයකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කර තිබේ. 46 වැනි වියේ පසුවන නවීඩ් මහතා 2000 දශකයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ප්‍රබල පිතිකරුවෙකි.  

 


අදහස් (0)

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස්?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.