Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලීසිය 28-15 කින් සී. ආර්. පරදවයි

පොලීසිය 28-15 කින් සී. ආර්. පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය (2019) ආරම්භ කරමින් කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (15) පස්වරුවේ පැවැති තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 28-15 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.

පොලිස් පිල මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ලීග් තරගාවලියේ හයවැනි ස්ථානයට පත්වූ පොලිස් පිල ලීග් තරගාවලියේ සිවුවැනි ස්ථානය හිමිකරගත් සී. ආර්. පිල පරාජය කිරීම කැපී පෙනුණි.

පොලිස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.

පොලිස් පිල ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබීය. පොලිස් පිලට විහඟ පිවිතුරු, සුරංග කසුන් සහ සචිත් සිල්වා උත්සාහක දිනුම බැගින් එකතු කළහ. ජනිත් චන්දිමාල් ගෝල ප්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කරමින් අතිරේක ලකුණු එකතු කිරීමට සමත් විය.

සී. ආර්. පිලට රීසා රෆායිඩීන්, සුපුන් වර්ණකුලසූරිය සහ ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ.


අදහස් (0)

පොලීසිය 28-15 කින් සී. ආර්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.