Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිසිය 27-16 කින් සී. ආර්. පරදවයි

පොලිසිය 27-16 කින් සී. ආර්. පරදවයි

යොහාන් භාසුර - 2020 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතිය යටතේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී අද (01) පැවැති තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 27-16 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.

මෙය පොලිස් පිල මෙවර තරගාවලියේ තරග 13 කදී ලැබූ නවවැනි ජය වේ. පොලිසිය මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කරගත්තේය.

පොලිස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-6 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

පොලිස් පිලට හත්වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර යොහාන් පීරිස් සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

හර්ෂ ප්‍රනාන්දු 13 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් පොලිස් පිල ලකුණු 8-0 ක් ලෙස ශක්තිමත් විය.

රීසා මුබාරක් 16 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරින් සී. ආර්. පිලට ලකුණු තුනක් එකතු විය. ඒ අනුව ලකුණු පුවරුව 8-3 ක් ලෙස වෙනස් විය.

කාවින්ද ජයසුන්දර ඉන් මිනිත්තු තුනකට පසුව පොලිස් පිලට දෙවැනි උත්සාහක දිනුම එකතු කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 13-3 ක් බවට පත්විය.

ජෙරෝ ධනංජය 25 වැනි මිනිත්තුවේ ද, රාහුල් ද සිල්වා 31 වැනි මිනිත්තුවේ ද, කහ කාඞ්පත් අවවාද ලබා පිටියෙන් ඉවත් වීමෙන් සී. ආර් පිලට මිනිත්තු 10 ක පමණ කාලයක් ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවීම දැඩි පාඩුවක් බවට පත්විය.

කාවින්ද ජයසුන්දර 32 වැනි මිනිත්තුවේදී සී. ආර්. ගෝල සීමාව ආක්‍රමණය කිරීමෙන් පොලිස් පිල තව දුරටත් ශක්තිමත් විය. යොහාන් පීරිස් එයට අතිරේක ලකුණු මුසුකිරීමෙන් ලකුණු තත්ත්වය 20-3 ක් බවට පත්විය.

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු දෙකක් පමණක් තිබියදී සී. ආර්. පිලට රීසා මුබාරක් සාර්ථක කළ දඩුවම් පහරින් ලකුණු තත්ත්වය 20-6 ක් බවට පත්විය.   
 
දෙවැනි අර්ධයේ පස්වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට රීසා මුබාරක් තුන්වැනි දඩුවම් පහර සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 20-9 ක් ලෙස වෙනස් විය.

විදේශ ක්‍රීඩක එමෝසි විනිවෝසා 50 වැනි මිනිත්තුවේදී පොලිස් පිලට තවත් උත්සාහක දිනුමක් එකතු කළ අතර යොහාන් පීරිස් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් පොලාස් පිලේ ලකුණු සංඛ්‍යාව 27 ක් බවට පත්විය.

වජීඩ් පවුමි 60 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට එකම උත්සාහක දිනුම එකතු කළේය. රීසා මුබාරක් එයට අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු පුවරුව 27-16 ක් බවට පත්විය.

පොලිස් පිල ඉතිරි මිනිත්තු 20 ක කාලය තුළ ආරක්‍ෂාවීමේ සැළසුමක් ක්‍රියාත්මක කිරීමෙන් තරගය මන්දගාමී වෙමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක නොවීය.


අදහස් (0)

පොලිසිය 27-16 කින් සී. ආර්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.