Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිසිය - මහනුවර බම්බලපිටියේදී හමුවෙති

පොලිසිය - මහනුවර බම්බලපිටියේදී හමුවෙති

යොහාන් භාසුර - 2019 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ මේ දක්වා පෙරළිකරුවන් බවට පත්ව සිටින පොලිස් පිල සහ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින ප්‍රබල මහනුවර පිල අතර තරගය බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී හෙට (21) පැවැත්වේ.

පළමු වටයේ සිවුවැනි සතිය යටතේ තරග තුනක් අද පැවැත්වීමට නියමිතය.

සෙසු තරග ලෙස ගුවන් හමුදා පිල සහ හැව්ලොක් පිල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ද, සී. ආර්. පිල සහ යුද හමුදා පිල අතර ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී ද, අද පස්වරුවේ පැවැත්වේ.

පොලිස් පිල මේ දක්වා සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජය ලබමින් ප්‍රසාද ලකුණු 13 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි. පොලිස් පිල දෙවැනි තරගයේදී ලකුණු 36-24 කින් හැව්ලොක්ස් පිල ද, තෙවැනි තරගයේදී ලකුණු 26-18 කින් නාවික හමුදා පිල ද, පරාජය කිරීමට සමත් විය.

පොලිස් පිල පළමු තරගයේදී ලකුණු 13-17 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල හමුවේ පරාජයට පත්වුවද එහිදී ද අතිරේක ප්‍රසාද ලකුණක් හිමිවිය.

පොලිස් පිල සහභාගි වූ තරග තුනේදී ප්‍රදර්ශනය කළ වික්‍රමයන් හේතුවෙන් ප්‍රබල මහනුවර පිල තරමක් ප්‍රවේශම් විය යුතුව තිබේ. මෙම තරගයට මහනුවර පිලේ සියලුම ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සන්නද්ධව අවතීරණය වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මහනුවර පිල අපරාජිතව ප්‍රසාද ලකුණු 17 ක් හිමිකරගනෙ සිටියි. දෙවැනි ස්ථානයේ පසු වන සී. ආර් පිල අපරාජිතව ප්‍රසාද ලකුණු 16 ක් හිමිකරගනෙ තිබේ.

සී. ආර්. පිලට ද යුද හමුදා පිලට එරෙහිව අද පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය අපරාජිතව වාර්තාව පවත්වාගෙන යෑමට වඩාත් වැදගත් වී තිබේ.

 


අදහස් (0)

පොලිසිය - මහනුවර බම්බලපිටියේදී හමුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.