Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිසියට තියුණු ජයක්

පොලිසියට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ‘පළඟ’ ශූරතාව වෙනුවෙන් ලෙස බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 34-30 කින් නාවික හමුදා පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට පොලිස් පිල ලකුණු 19-18 ක් ලෙස ලකුණකින් ඉදිරියෙන් සිටියේය.
ජයග්‍රාහි පොලිස් පිල ගෝල තුනකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය. නාවික හමුදා පිල ගෝල, උත්සාහක දිනුම් සහ දඩුවම් පහර දෙක බැගින් වාර්තා කළේය.

පොලිස් පිලට යොහාන් පීරිස් උත්සාහක දිනුම් දෙකක් ද, ඉරෝෂන් සිල්වා, සචිත් සිල්වා සහ ජනිත් චන්දිමාල් උත්සාහක දිනුම බැගින් ද, සාර්ථක කිරීමට සමත් වූහ.

පොලිස් පිලට අතිරේක ලකුණු එකතු කරමින් සිරාෂ් අමත් සහ සචිත් සිල්වා ගෝල ප්‍රවර්ථන සාර්ථක කළ අතර ජනිත් චන්දිමාල් දඩුවම් පහර සාර්ථක කළේය.

රිචී ධර්මපාල, නිරෝෂ් පෙරේරා, ස්ටීපන් ග්‍රෙගරි සහ රදීෂ සෙනෙවිරත්න උත්සාහක දිනුම බැගින් නාවික හමුදා පිලට එකතු කළහ. චතුර සෙනවිරත්න ගෝල ප්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහර දෙකක් සාර්ථක කරමින් නාවික හමුදා පිලට අතිරේක ලකුණු එකතු කළේය.  

-048


අදහස් (0)

පොලිසියට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.