Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිස් - යුද හමුදා තරගය සමවෙයි

පොලිස් - යුද හමුදා තරගය සමවෙයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතිය යටතේ යුද හමුදා පිල සහ පොලිස් පිල අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී අද (09) පස්වරුවේ පැවැති තරගය ලකුණු 24-24 ක් ලෙස සමව අවසන් විය.

යුද හමුදා පිල සමව අවසන් කළ දෙවැනි තරගය මෙය වන අතර යුද හමුදාව සහ සී. ආර් පිල අතර තරගය ද ලකුණු සමව අවසන් විය.  

තරගය අවසන්වීමට ඔන්න මෙන්න තිබියදී යුද හමුදා පිල උත්සාහක දිනුමක් සම්පූර්ණ කිරීමෙන් ලකුණු සම විය. දෙපිලම ගෝල දෙකක් සහ උත්සාහක දිනුම් දෙකක් බැගින් සම්පූර්ණ කළෛ්ය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට පොලිස් පිල ලකුණු 12-5 ක් ලෙස පෙරමුණේ රැදී සිටියේය.

පොලිස් පිලට උදය සංජුල උත්සාහක දිනුම් දෙකක් ද, නිසල සමාධි සහ සචිත් සිල්වා උත්සාහක දිනුම බැගින් ද, එකතු කළහ. සචිත් සිල්වා සහ උත්පල එදිරිසිංහ ගෝල ප්‍රවර්ථනය බැගින් සාර්ථක කළහ.

විදේශ ක්‍රීඩක සොසුබිටා බොයිලා, අශෝක ජයලාල්, චමීර සිල්වා සහ සමීර බුලත්සිංහ, යුද හමුදා පිලට උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. ගයාන් සාලින්ද ගෝල ප්‍රවර්ථන සාර්ථක කළහ.

 

 - 048

 


අදහස් (0)

පොලිස් - යුද හමුදා තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.