Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පෙර අ. අ. පූර්ව වටය 3 දා සිට

පෙර අ. අ. පූර්ව වටය 3 දා සිට

editorial - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එෆ්. ඒ (වැන්ටේජ්) කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේදී ලෝකයේ පාපන්දු ක්‍රීඩාව දියුණුම රටවල පැවැත්වෙන ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතර තරගාවලිය සඳහා කුසපත් ඇදීමේදී එම පියවර අනුගමනය කෙරිණ.
ආරම්භයේදී කණ්ඩායම් 827 ක් ඉදිරිපත් වූ මෙම තරගාවලිය මේ වන විට කණ්ඩායම් 16 ක් දක්වා අඩුවී තිබේ.
 
එෆ්.ඒ. (වැන්ටේජ්) කුසලාන පාපන්දු තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව තරග ජනවාරි  3 වැනිදා සුගතදාස ක්‍රීඩාංගනයේදීද, ජනවාරි 4 වැනිදා බැද්දගනේ පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදීද ජනවාරි 5 වැනිදා කැලණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදීද පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.


පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග

■ ඩිෆෙන්ඩර්ස් සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර
■ නිව් යංග්ස් සහ බන්ධනාගාර ක්‍රීඩා සමාජය අතර
■ සෝන්ඩර්ස් සහ ජවා ලේන් අතර
■ යංග් ස්ටාර්ස් සහ රිනවුන් අතර
■ බ්ලූ ස්ටාර් සහ අප්කන්ට්‍රි ලයන්ස් අතර
■ සිංඟින් ෆිෂ් සහ සී හෝක්ස් අතර
■ රෙඩ් රෝස් සහ සිවිල් ආරක්‍ෂක සේවා පිල අතර
■ රෙඩ් සන් සහ බ්ලූ ඊගල් පිල අතර

....


අදහස් (0)

පෙර අ. අ. පූර්ව වටය 3 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.