Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණුවට තණතීරු 22 ක්

පුහුණුවට තණතීරු 22 ක්

යොහාන් භාසුර - 2020 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහට පුහුණුවීම් සඳහා සූරියවැව ක්‍රීඩාංගණය තුළ පුහුණු තණතීරු 22 ක් සූදානම් කර ඇති බව එම ක්‍රීඩාංගණයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.  මෙම තණතීරු 22 තුළම රාත්‍රී පුහුණුවීම් කළ හැකි ආකාරයට විදුලි ආලෝකය ද සපයා තිබේ.

සූරියවැව ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වම් පස පුහුණු තණතීරු පැවැති ප්‍රදේශය මෙම තරගාවලිය වෙනුවෙන් තණතීරු වැඩි කර සකස්කර තිබේ.

“පුහුණු තණතීරු දෙපසට විහිදෙන ආකාරයටයි ඉදිරි කරලා තියෙන්නේ. එක් පසක එක කණ්ඩායමක් පුහුණුවීම්වල නිරත වෙද්දී අනෙක් පස තවත් කණ්ඩායමට පුහුණුවීම් කරන්න අවස්ථාව ලැබෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

එල්.පී.එල්. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සූරියවැව ක්‍රීඩාංගණයේදී අද (23) පළමු වරට පුහුණුවීම් ආරම්භ කරයි. පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ විශේෂ පුහුණු සැසියකට සහභාගි වී සිටි ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයෝද ඊයේ (22) පස්වරුවේ හම්බන්තොටට පැමිණියහ.  

 


අදහස් (0)

පුහුණුවට තණතීරු 22 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.