Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණුකරුට - ක්‍රීඩකයන්ට කොරෝනා

පුහුණුකරුට - ක්‍රීඩකයන්ට කොරෝනා

නාමල් පතිරගේ - 2021 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘රිනවුන්’ කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු හා පුහුණුකරුවකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරුවීමෙන් කොළඹ සුගතදාස පිටියේ ඊයේ (18) පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබූ රිනවුන් කණ්ඩායම හා යුද හමුදා (ඩිෆෙන්ඩර්ස්) ක්‍රී.ස. කණ්ඩායම අතර ශ්‍රී ලංකා සුපර්ලීග් පාපන්දු තරගය අත්හැර දැමීමට තීරණය විය.

සුගතදාස පිටියේදී ආරම්භ වූ ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ පුහුණු වටයට අයත් එම තරගයට පෙර පැවැති ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට අනුව ඔවුන් දෙදෙනා කොරෝනා ආසාදිතයන් ලෙස හෙළිකර ගෙන ඇත. තරගාවලියේ සම්බන්ධීකාරක ජස්මර් උමාර් මහතා පැවැසුවේ රිනවුන් කණ්ඩායම මෙම පුහුණු තරගාවලියේ ඊළඟ තරගයට සහභාගි කර ගැනීම ගැන අවසන් තීරණයකට පැමිණ නැති බවයි. ඔවුන්ට මීළඟ තරගය යෙදී ඇත්තේ බේරුවල රෙඩ්ස්ටාර් පිලට එරෙහිව ලබන මාර්තු 6 වැනිදාය.

මේ අතර ඊයේ රාත්‍රියේ නිමාවට පත්වූ කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම හා ගුවන් හමුදා (බ්ලූ ඊගල්ස්) කණ්ඩායම අතර තරගයේ ජය ගෝල 1-0කට කොළඹ කණ්ඩායමට හිමිවිය.

මෙම දෙපිල දේශීය තරග බිමේ අවසන් වරට ගැටුණු පසුගිය අගෝස්තු 19 වැනිදා පැවැති සභාපති කුසලාන තරගයෙන් ජය අත්වූයේ ගෝල 2-0කට බ්ලූ ඊගල්ස් ක්‍රීඩකයන්ටයි.


අදහස් (0)

පුහුණුකරුට - ක්‍රීඩකයන්ට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.