Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණුකරු තනතුරට රාම්ප්‍රකාශ්ගේ ඇස

පුහුණුකරු තනතුරට රාම්ප්‍රකාශ්ගේ ඇස

යොහාන් භාසුර - 2019 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ප්‍රබල පිතිකරුවකු වන මාර්ක් රාම්ප්‍රකාෂ් මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ. එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු වන රාම්ප්‍රකාෂ් මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ධූරය බාරගැනීමට සූදානමින් සිටින බව ඉතාමත් විශ්වාකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.
 
එංගලන්ත පිලේ හිටපු පිතිකරුවකු වන 50 හැවිරිදි රාම්ප්‍රකාෂ් මහතා එංගලන්තය නියෝජනය කරමින් ටෙස්ට් තරග 52 කදී ලකුණු 2350 ක් රැස්කර තිබේ. රාම්ප්‍රකාෂ් මහතා මීට පෙර මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත පිලේ පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇති අතර මිඞ්ල්සෙක්ස් සහ සරේ යන ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කළ ප්‍රබල පිතිකරුවෙකි.

ඔහු පළමු පෙළ තරග 461 කට ක්‍රීඩා කරමින් ශතක 114 ක් සහ අර්ධ ශතක 147 ක් සමගින් ලකුණු 35,659 ක් රැස්කළ අත්දැකීම් සපිරි පිතිකරුවෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ රාම්ප්‍රකාෂ් මහතා අතර සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවත් මෙම සතිය තුළ අවසන් තීරණයකට එළඹෙනු ඇති බවත් වාර්තා වේ.   

 


අදහස් (0)

පුහුණුකරු තනතුරට රාම්ප්‍රකාශ්ගේ ඇස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.