Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුත්තලම දිස්ත්‍රික් එල්ලේ වෙබ් අඩවිය 28 දා එළිදකී

පුත්තලම දිස්ත්‍රික් එල්ලේ වෙබ් අඩවිය 28 දා එළිදකී

editorial - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සංගමයේ නිල වෙබ් අඩවිය මෙම 28 වැනිදා පෙරවරු 9.30 ට වෙන්නප්පුව ප්‍රාදේශීය සභා නව ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය. ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගු හා වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව වෙබ් අඩවිය එළිදැක්වේ.

එහිදී පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සංගමය සඳහා වාර්ෂික නිල අනුග්‍රාහය ප්‍රදානය කිරීම හා පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සංගමයේ පත්වීම් ප්‍රදානය කිරීම ද එහිදී සිදු කෙරේ.

පොල් ආශ්‍රිත උපස්තර අපනයනකරුවන්ගේ සංගමය පුත්තලම දිස්ත්‍රික්කයේ එල්ලේ ක්‍රීඩාවේ අනුග්‍රාහය සඳහා ඉදිරිපත්ව සිටියි. පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සංගමයේ සභාපති වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී. සුසන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් මෙම වැඩසටහන් ක්‍රියාතමක කෙරේ.


අදහස් (0)

පුත්තලම දිස්ත්‍රික් එල්ලේ වෙබ් අඩවිය 28 දා එළිදකී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.