Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැසිපන්දු තරගය සුගතදාස පිටියේදී

පැසිපන්දු තරගය සුගතදාස පිටියේදී

ශානුක අරවින්ද - 2019 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර ‘අලස්-ගුණසේකර’ කුසලාන සඳහා පැවැත්වෙන වාර්ෂික වයස 19 න් පහළ පැසිපන්දු තරගය මේ මස 22 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  මෙම තරගය කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ පැසිපන්දු පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය කොළඹ සුගතදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

අභාවප්‍රාප්ත ආර්.අයි.ටී. අලස් මහතා සහ ඊ.සී. ගුණසේකර මහතා සිහි කිරීම පිණිස මෙම පැසිපන්දු තරගය පැවැත්වේ. ආර්.අයි.ටී. අලස් මහතා ගේට්වේ ජාත්‍යාන්තර පාසලේ නිර්මාතෘවරයා වන අතර ඊ.සී. ගුණසේකර මහතා රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති වරයෙකි. ඔවුන් දෙදෙනා සිහිපත් කිරීම සඳහා මෙම තරගය ‘අලස්-ගුණසේකර’ කුසලාන තරගය ලෙස නම් කර තිබේ.

මෙවර තරගයේදී වෙනුජ ගම්ලත් විසින් රාජකීය විදුහල් කණ්ඩායමද, චෙවාන් ද කොස්තා විසින් ගේට්වේ විදුහල් කණ්ඩායමද මෙහෙයවනු ලබති.

මෙම තරගයට සමගාමීව දෙවිදුහල් අතර වයස 15 න් පහළ බාලක පැසිපන්දු තරගයක්ද, ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ කොළඹ දේවි බාලිකා විදුහල අතර වයස 19 න් පහළ බාලිකා පැසිපන්දු තරගයක්ද පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඕස්ට්‍රේලියාවේ සහ මැලේසියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාල කටයුතු කරන අතර සවුත් ඒෂියන් ටෙක්නොලොජීස්, ජෝන් කීල්ස්, අලියා සිසිල් බීම යන සමාගම් සහ ආසිරි පෞද්ගලික රෝහල එහි සෙසු අනුග්‍රාහකයෝ ලෙස කටයුතු කරයි.  

 


අදහස් (0)

පැසිපන්දු තරගය සුගතදාස පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.