Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැරණි නායකයාටමයි හිත

පැරණි නායකයාටමයි හිත

editorial - 2019 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ විවේචන හමුවේ ලෝක කුසලාන තරගාවලියට මාස 2 කට පමණ පෙර ඇෆ්ඝනිස්තාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඇස්ගර් ඇෆ්ගන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය. කණ්ඩායමේ සමගිය ආරක්ෂා කරගැනීම සඳහා ගුල්බදින් නායිබ් නායකත්වයට පත්කළද ඇස්ගර් තවමත් තමන්ගේ නායකයා බව ඔහු ප්‍රකාශ කළේය.

ඇස්ගර් ඇෆ්ගන් තවමත් මගේ නායකයා” යැයි නායිබ් අන්තරජාතික ක්‍රිකට් සභාවට පවසා තිබේ.
“අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට එරෙහිව තරග කිහිපයක් අපි ක්‍රීඩාකළ අතර එහිදී ඔහු මට බොහෝ සෙයින් උදව් කළා. ඔහු මට මඟපෙන්නුවා. ඔහු මට තවත් ක්‍රීඩකයෙක් නෙවේ. ඔහු තමයි තාමත් මගේ නායකයා”

“මට ඔහුගෙන් උදව් අවශ්‍යයි. ඔහුගෙන් පමණක් නෙවේ.... ”

“මොහොමඞ් නබී, රෂීඞ් ඛාන් ඇතුළු සියලුම ක්‍රීඩකයින්ට බොහෝ අත්දැකීම් තිබෙනවා. අපි සියලුදෙනාගෙම ඉලක්කය එකයි. කවුරු නායකත්වයට පත්වුවත් කණ්ඩායමක් වශයෙන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමටයි අපට අවශ්‍ය” යයි ද ගුලාබ්දීන් නබි පැවසීය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ජුනී 1 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන තරගයට පෙර පාකිස්තානයට සහ එංගලන්තයට එරෙහිව පුහුණු තරග 2 කට ඇෆ්ඝනිස්තානය සහභාගි වෙයි.

...


අදහස් (0)

පැරණි නායකයාටමයි හිත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.