Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැතුම් - ලසිත් ශ්‍රී ලංකා නැගී එන පිල දිනවති

පැතුම් - ලසිත් ශ්‍රී ලංකා නැගී එන පිල දිනවති

editorial - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (8 වැනිදා) පැවැති තරගයකදී බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්යක් හඹාගිය ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ ඕවර 16.1 අවසානයේ එක් කඩුලලක් එම ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (නොදැවී 67) සහ ලසිත් කෘස්පුල්ලේ (නොදැවී 73) පන්දු 84 කදී ලකුණු 134 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

පන්දු 41 කට මුහුණුදුන් ලසිත්, සිය වේගවත් ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් අලංකාර කළ අතර පන්දු 52 කදී වාර්තා වූ පැතුම්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා නැගී එන ඉනිමේ බිඳ වැටුණ එකම කඩුල්ල බවට පත්වූ නිෂාන් මධුෂංක ලකුණු 8 කට දැවී ගියේ මොහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ මිහිදුල් ඉස්ලාම් අතට උඩ පන්දුවක් දෙමිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 150 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ යසිර් අලී පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 51 ක් රැස්කළේය.

මිහිදුල් ඉස්ලාම් (22) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අලී සමත් වූ අතර පන්දු 38 කදී වාර්තා වූ මිහිදුල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 17 කට මුහුණදුන් සකීර් හසන් නොදැවී ලකුණු 20 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.


බංග්ලාදේශ නැගී එන පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 150
(මිහිදුල් ඉස්ලාම් 44, යසිර් අලී 51, සකීර් හසන් නොදැවී 20, අසිත ප්‍රනාන්දු 29/2)

ශ්‍රී ලංකා නැගී එන පිල - ඕවර 16.1 කදී කඩුල්ලක් දැවී 151
(පැතුම් නිස්සංක නොදැවී 67, ලසිත් කෘස්පුල්ලේ නොදැවී 73)

-036

 


අදහස් (0)

පැතුම් - ලසිත් ශ්‍රී ලංකා නැගී එන පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.