Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැටින්සන්ට තරග තහනමක්

පැටින්සන්ට තරග තහනමක්

editorial - 2019 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෑතකදී පැවැති ෂෙෆීල්ඞ් පලිහ තරගයේදී ක්වින්ස්ලන්ත පිතිකරුවකුට නොමනා අපවාදයක් එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැටින්සන්ට තරග තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියාවේ   ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව පාකිස්තානයට එරෙහිව බ්‍රිස්බේන්හීදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඔහුට අහිමිව යනු ඇත.

ක්වින්ස්ලන්ත සහ වික්ටෝරියා කණ්ඩායම් අතර පැවැති ෂෙෆීල්ඞ් පලිහ තරගයේදී ක්‍රීඩකයකුට පෞද්ගලිකව අපහාස වන පරිදි දෙවන මට්ටමේ චර්යා ධර්ම උල්ලංඝණය කිරීමකට වික්ටෝරියානු ක්‍රීඩක පැටින්සන් වැරදිකරු විය. ඒ වෙනුවෙන් ඔහුට තරග මුදලින් 100්‍ර ක දඩයක් ගෙවීමටද සිදුවිය.

හිටපු කණ්ඩායම් සගයා වන කැමරන් ගැනන්ට එරෙහිව සමලිංගික අපවාදයන් භාවිතා කළ බව පැටින්සන්ට වැටහීමෙන් පසුව කැමරන් ගැනන්ගෙන් ක්‍ෂණිකව සමාව අයැද සිටියද විනිසුරුවරු විසින් ඔහුට චෝදනා එල්ල කළහ.

“මම ඒ මොහොතේ වැරැද්දක් කළා” යැයි පැටින්සන් පැවසීය.

“මම වැරැද්දක් කර ඇති බව වැටහුණා. මම වහාම ප්‍රතිවාදියාගෙන් සහ විනිසුරුවරුන්ගෙන් සමාව අයැද සිටියා.... ඒත් මම වැරැද්දක් කරලා තියෙනවා. ඒ නිසා දඬුවම පිළිගන්නවා” යයිද පැටින්සන් පැවසීය.

බරපතළ ස්භාවයකින අඩු සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදී පැටිසන්ට තරවටුකර දඩ නියම කරන ලද අතර එම සිදුවීම් දෙකෙහිදීම තරවටු කිරීම් වලට අමතරව තරග ගාස්තුවෙන් 100% දඩ නියමකර තිබේ. මාස 18 ක කාලයක් තුළදී විනය බිඳ වැටීමේ වැරදි තුනකට වරදකරුවන් වන ක්‍රීඩකයන්ට වසරක තරග තහනමක් හිමිවිය හැකිය.

එම ෂෙෆීල්ඞ් පලිහ තරගයේදී ස්ටීවන් ස්මිත්ටද චෝදනා එල්ල වීම ඉතා අවාසනාවන්ත සිදුවීමකි.

පැට් කමින්ස් සහ ජොෂ් හේස්ල්වුඞ් සමගින් තෙවැනි පන්දු යවන්නා ලෙස ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එක්විමට නම් මිචෙල් ස්ටාර්ක් සමගින් තරග වැදීමට පැටින්සන්ට සිදුවනු ඇත. මිචෙල් ස්ටාර්ක්ට වඩා ජේම්ස් පැටින්සන් ඉදිරියෙන් සිටින බව රිකී පොන්ටිං මහතා පවසා ඇත.

පසුගිය තරගාවලි කිහිපයේදී තරමක පසුබෑමක් පෙන්නුම් කළද මිචෙල් ස්ටාර්ක්ගේ දායකත්වය සම්බන්ධයෙන් තමන් අතිශයින් කැමති බව පොන්ටිං මහතා පවසා ඇත.

...


අදහස් (0)

පැටින්සන්ට තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.