Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් රග්බි තරගාවලිය ඇරඹෙයි

පාසල් රග්බි තරගාවලිය ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2019) ආරම්භ කරමින් කොළඹදී හෙට (28) තරග දෙකක් පැවැත්වේ.

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර සී. ආර්. පිටියේදී ද, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිටියf්දීද, අද පස්වරුවේ පැවැත්වේ.

මෙවර තරගාවලියේ පළමු කොටසේ කණ්ඩායම් 36 ක් ඒ, බී සහ සී ලෙස කණ්ඩායම් 12 බැගින් වන කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. ‘ඒ’ කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම් ක්‍රීඩා කරයි.

කොළඹ රාජකීය, මරදාන ශාන්ත ජෝශප්, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ ඉසිපතන, මහනුවර කිංග්ස්වුඞ්, මහනුවර ත්‍රිත්ව, බොරැල්ල වෙස්ලි, මරදාන සහිරා, ගල්කිස්ස සාන්ත තෝමස්, කටුගස්තොට ශාන්ත අන්තෝනි, කුරුණෑගල මලියදේව සහ ගල්කිස්ස විද්‍යා යන විදුහල් 12 ඇතුළත්ව සිටියි.

මෙවර දෙවැනි කොටසේ කණ්ඩායම් 22 ක් ක්‍රීඩා කරන අතර එහි ‘ඒ’ කාණ්ඩයට පාසල් 12 ක් සහ ‘බී’ කාණ්ඩයට පාසල් 10 ක් ඇතුළත් වේ.

තෙවැනි කොටසේ තරගාවලිය මෙවර ‘සංවර්ධන තරගාවලිය’ ලෙස කණ්ඩායම් 18 ක සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙවර පළමු වරට බාලිකා කණ්ඩායම් 12 ක සහභාගිත්වයෙන් තරගාවලියක් ද පැවැත්වේ.

 

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මෙම සතියේ කාලසටහන

● පෙබ. 28 - ශාන්ත ජෝශප් විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර සී. ආර්. පිටියේදී
● පෙබ. 28 - සාන්ත තෝමස් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර  ගල්කිස්සේදී
● මාර්. 02 - රාජකීය විදුහල සහ මලියදේව විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී
● මාර්. 02 - ඉසිපතන විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී
● මාර්. 02 - සහිරා විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර මරදාන සහිරා පිටියේදී
● මාර්. 02 - කිංග්ස්වුඞ් විදුහල සහ වෙස්ලි විදුහල අතර නිත්තවෙල පිටියේදී

 


අදහස් (0)

පාසල් රග්බි තරගාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.