Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් මලල ක්‍රීඩිකාවකටත් චෝදනා

පාසල් මලල ක්‍රීඩිකාවකටත් චෝදනා

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී (2018) පදක්කම් දිනූ කෙටි ධාවන ක්‍රීඩිකාවකට තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ. වයස 18න් පහළ (බාලිකා) කෙටි ධාවන ඉසව්වකදී රන් පදක්කමක් දිනාගත් බව කියන මෙම ක්‍රීඩිකාව දකුණු පළාතේ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන සිසුවියකි.

තහනම් උත්තේජක භාවිතා කරමින් තරග වැදුණු බවට පාසල් ශිෂ්‍යාවක් චෝදනා ලබා සිටින පළමු අවස්ථාව මෙයයි.

ඉහත කී තරගාවලියේදී ඇගෙන් ලබාගත් මුත්‍රා නියැදියක තහනම් උත්තේජක සංඝටක අඩංගු වන බවට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයට හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට මේ වන විට දැනුම් දී තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ. මේ වන විටත් කෙටි ධාවන ඉසව් සඳහා තරග වදින නම ගිය කෙටි ධාවන ශූරයකුගේ දැන හැඳුනුම්කම් මත හඳුනාගත් අයෙකු මගින් මෙම පාසල් ක්‍රීඩිකාවට තහනම් උත්තේජක ශරීරගත කරගත් බවට චෝදනා එල්ල වී තිබේ.

මේ වන විට ජාතික මට්ටමේ ධාවන ශූරයෙකු හා කබඩි ක්‍රීඩිකාවන් දෙදෙනකුත් තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනා ලබා සිටින අතර, ඔවුන්ගේ දෙවැනි මුත්‍රා නියැදි පරීක්ෂාවෙන් ද එය තහවුරු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

 


අදහස් (0)

පාසල් මලල ක්‍රීඩිකාවකටත් චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.