Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ මෙහෙයවීම යටතේ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල සංවිධානය කරන වයස 17 න් පහළ සමස්ත ලංකා කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 120 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1300 ක් පමණ ලියාපදිංචි වී සිටින අතර එහිදී ඔවුන් ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ‘ඊ’ යන කාණ්ඩ 5 යටතේ තරග වැදීම නියමිතය.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 26 වැනිදා පස්වරු 3.00 සිට සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී සෑම කාණ්ඩයකම ශූරයන්ට සහ අනු ශූරයන්ට කුසලාන පිරිනැමෙන අතර එම කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.