Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් පාපන්දු තරග ඇරඹෙයි

පාසල් පාපන්දු තරග ඇරඹෙයි

Nisanka Sandeepani - 2018 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයත්, ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයත් හා එක්ව සංවිධානය කරන සමපෝෂ වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය ඊයේ (8 වැනිදා) ආරම්භ විය. 

මෙවර ද දිවයින පුරා පාසල් රැසකින් තරගාවලියට එක්වීම සඳහා කැපීපෙනෙන උනන්දුවක් දක්නට ලැබෙන අතර බාලක කණ්ඩායම් 500ක් සහ බාලිකා කණ්ඩායම් 150ක් නියෝජනය කරමින් සිසුන් 12,000කට වැඩි සංඛ්‍යාවක් මෙවර තරගාවලියට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

මූලික වටයේ තරග සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කෙරෙන පරිදි ස්ථාන 32කදී පැවැත්වෙන අතර අවසාන වටයේ තරග 2019 ජනවාරි මාසයේ කොළඹදී පැවැත්වේ. ඊට දිස්ත්‍රික් ශූරයින් වූ බාලක කණ්ඩායම් 33ක් සහ බාලිකා කණ්ඩායම්  25ක් අයත් වනු ඇත.

තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා, දක්‍ෂතම ක්‍රීඩිකාව සහ දක්‍ෂතම  ගෝල රකින්නා යනාදී වශයන් සම්මාන ප්‍රදානය කෙරේ.

වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය සඳහා අඛණ්ඩව 10 වැනි වරටත් අනුග්‍රාහකත්වය සැපයීමට සිලෝන් බිස්කට්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක්වන ප්ලෙන්ටි ෆුඞ්ස් පුද්ගලික සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනයක්වන සමපෝෂ ඉදිරිපත්ව සිටී.

“වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය කියන්නේ ඉතාමත් තරගකාරී ඒ වලේම ඉතා සුහදශීලී අයුරින් පැවැත්වෙන තරගාවලියක්. දැඩි කැපවීමෙන්  වගේම සහෝදරත්වයකුත් මේ ක්‍රීඩකයින් අතර දකින්න ලැබෙනවා. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයන් කල්තබා හඳුනාගැනීමටත් මෙය කදිම අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි, පාපන්දු ක්‍රීඩාව කෙරෙහි පාසල් සිසුන්ගේ ඇල්ම සහ උනන්දුව වැඩි කිරීමටත් මෙය හොඳ අවස්ථාවක්. එවන් කාර්යභාරයකට අඛණ්ඩව උරදීම සම්බන්ධයෙන් සමපෝෂ නිෂ්පාදනායතනය වෙත විශේෂ කෘතවේදීත්වයක් හිමිවිය යුතුයි” යයි තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසීය.

සමපෝෂ නිෂ්පාදකයන් වන සිලෝන් බිස්කට්ස් සමාගම වසර 9කට වැඩි කාලසීමාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පාසල් පාපන්දු ක්‍රීඩාවේ  සංවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් සපයා තිබෙන බවත් කලකට ඉහත පාසල් පාපන්දු ක්‍රීඩකයින් ලෙස සිටි අය වර්තමානයේදී ජාතික මට්ටමේ ක්‍රීඩකයින් බවට පත්ව තිබීම විශාල සතුටක් බවත් පාපන්දු සම්මේලන සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

“ක්‍රීඩාවේදී වැදගත් වන්නේ ශක්තිය සහ  පෝෂණය පමණක් ම නොවෙයි. කුසලතා, ඉවසීම, ආත්ම විශ්වාසය සහ විනය ආදී අනෙකුත් ගුණයන් ද ක්‍රීඩාවේදී අතිශය වැදගත්. ඒ හරහා ක්‍රීඩාව තුළින් පෞරුෂත්වය වර්ධනයටත් අවසාන වශයෙන් මනා සමබරතාවයෙන් යුත් අනාගත නායකයින් බිහිකිරීමටත් මඟ පාදනවා” යයි ප්ලෙන්ට් ෆුඞ්ස් පුද්ගලික සමාගමේ අධයක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ෂම්මී කරුණාරත්න පැවසීය. 

පසුගිය වසරේ පැවැති තරගාවලියේදී යාපනය, පන්දතෙරුප්පු බාලිකා මහා විදුහල් කණ්ඩායම බාලිකා ශූරතාවට ද මරදාන ශාන්ත  ජෝසප් විදුහල් කණ්ඩායම බාලක ශූරතාවට ද හිමිකම් කීහ.

 

 


අදහස් (0)

පාසල් පාපන්දු තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.