Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය විසින් සංවිධානය කරන සමස්ත ලංකා පාසල් (බාලක/බාලිකා) කණ්ඩායම් චෙස් තරගාවලිය මෙම මස 25, 26, 27 තෙදින කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයේ සහ කෑගලු බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය ‘ඒ’ හා ‘බී’ යනුවෙන් කාණ්ඩ යනුවෙන් දෙකක් යටතේ පැවැත්වේ. ‘ඒ’ කාණ්ඩයේ තරග සියල්ලම කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයේද ‘බී’ කාණ්ඩයේ තරග සියල්ලම කෑගලු බාලිකා විද්‍යාලයේදීද පැවැත්වීමට නියමිතය.
වයස 9 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ හා 20 න් පහළ (බාලක/බාලිකා) කණ්ඩායම් වශයෙන් මේ තරගාවලිය පැවැත්වේ. පළාත් තරග වලදි ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනා ගත් බාලක/බාලිකා පාසල් කණ්ඩායම් පමණක් ‘ඒ’ කොටස යටතේද එම තරගාවලියේ සිව්වැනි, පස්වැනි හා හයවැනි ස්ථාන දිනාගත් පාසල් කණ්ඩායම් ‘බී’ කොටස යටතේද තරග වදිති.
මේ කාණ්ඩ දෙක යටතේම තරග වදින සෑම බාලක/බාලිකා පාසල් කාණ්ඩයක්ම තරග වට 6 කට මුහුණ දිය යුතුය. ඒ තරග වට හයෙන් ලබා ගන්නා ලකුණු අනූව ‘ඒ’ කොටසේ සහ ‘බී’ කොටසේ අදාල වයස් කාණ්ඩ වල ශූරතා, අනුශූරතා හා තෙවැනි ස්ථාන තෝරාගනු ලබන අතර ඒ කණ්ඩායම් වලට පදක්කම් හා සහතික පත්‍ර පිරිනමනු ලැබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.