Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් ක්‍රීඩා යළි ඇරඹීමේ තීරණාත්මක සාකච්ඡාවක්

පාසල් ක්‍රීඩා යළි ඇරඹීමේ තීරණාත්මක සාකච්ඡාවක්

යොහාන් භාසුර - 2020 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක්‍රීඩා තරග කීපයක් ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (28) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනිනිආරච්චි මහත්මියගේ සහභාගිත්වයෙන් පෙරේදා (26) පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් ක්‍රීඩා ඉසව් කීපයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය යන අමාත්‍යංශවල නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව අද රැස්වීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අනුව පැවැත්විය හැකි ක්‍රීඩා මෙම සාකච්ඡාවේදී හඳුනාගැනීමට බලාපොරොත්තු වන බවයි.

“මෙහිදී සෞඛ්‍ය නිර්දේශවලට මූලිකත්වයෙන් දෙන්න වෙනවා. මෙම සාකච්ඡාවෙන් පසුව අවසන් තීරණයකට එන්න හැකියාව ලැබෙයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

කිසිඳු පාසල් තරගාවලියක් මෙම වසරේ ඉදිරි මාස කීපයේදී සංවිධානය නොකරන ලෙසත් මේ වන විට ආරම්භ කර ඇති තරග අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මෙම මස මුලදීම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු ඇතුළු බලධාරීන්ට ලිඛිතව දන්වා තිබුණි.  

 


අදහස් (0)

පාසල් ක්‍රීඩා යළි ඇරඹීමේ තීරණාත්මක සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.