Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාරෝ පිල දෙවැනි වටයට

පාරෝ පිල දෙවැනි වටයට

නාමල් පතිරගේ - 2020 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සමුළු ශූරතා ක්‍රීඩා සමාජ ලීග් පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාව ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම හා භූතානයේ “පාරෝ” කණ්ඩායම අතර පැවැති මූලික වටයේ තරග දෙකම සම වුවත් ප්‍රතිවාදීන්ගේ පිටියේදී වැඩිම ගෝල වාර්තා කිරීමේ පදනම මත භූතාන “පාරෝ” කණ්ඩායම එහි දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

 භූතානයේ ‘තිම්පු’ නුවරදී පෙරේදා (29) දෙපිල අතර පැවති මූලික වටයේ දෙවැනි තරගය ද ගෝල 2-2 කට සම වීම මෙම තත්ත්වයට හේතුවිය.

කොළඹදී පසුගිය 22 වැනිදා දෙපිල අතර පැවැති මූලික වටයේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ ගෝල 3-3කටය.

ඒ අනුව  තරග දෙකේදීම දෙපිලම ගෝල 5ක් බැගින් රැස් කර ගනිමින් සම තත්ත්වයක් ලැබුවත් කොළඹ තරගයේදී (ප්‍රතිවාදීන්ගේ පිටියේදී) ගෝල තුනක් රැස් කිරීමේ පදනම මත පැරෝ කණ්ඩායමට දෙවැනි වටයේ අවස්ථාව හිමිවිය.

තිම්පු නුවරදී පෙරේදා පැවති තරගයේදී 16 වැනි හා 53 වැනි විනාඩිවලදී ආර්. බර්නාඞ් හා නයිජීරියානු එවන්ස් අයෙන්ට් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ගෝල ලබාගත්හ.  12 වැනි හා  51 වැනි විනාඩිවලදී භූතාන පැරෝ පිලෙන් ගෝල දෙකක් වාර්තා විය.

අයෙන්ට් කොළඹ තරගයේදීද ගෝලයක් වාර්තා කළේය. ඒ අනුව දකුණු ආසියානු කලාපයෙන් සුදුසුකම් සපුරමින් දෙවැනි වටයට පිවිසි පාරෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම හා ඉන්දීය බෙන්ගලාරු කණ්ඩායම අතර දෙවැනි වටයේ තරගය පෙබරවාරි 5 වැනිදා තිම්පු නුවරදී පැවැත්වේ.

ආසියානු සමුළු ශූරතා ක්‍රීඩා සමාජ ලීග් පාපන්දු තරගාවලියේ මූලික වටයට එක්ව සිටි කණ්ඩායම් ගණන 36කි. ශූරයන්ගේ තරගාවලියේ (2019) කුසලාන දිනාගත් යුද හමුදා ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම මෙවර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබීය.  

 


අදහස් (0)

පාරෝ පිල දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.