Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාබල රෙජිමේන්තුව - රිහැබ් ලංකා ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතා දිනයි

පාබල රෙජිමේන්තුව - රිහැබ් ලංකා ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතා දිනයි

යොහාන් භාසුර - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ජාතික පැරාලිම්පික් කමිටුව සංවිධානය කළ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ (2019) පිරිමි ශූරතාව යුද හමුදා පාබල රෙජිමේන්තුව ද, කාන්තා ශූරතාව කොළඹ
රිහැබ් ලංකා ක්‍රීඩා සමාජය ද, දිනාගැනීමට සමත් විය.

මෙම තරගාවලිය පුරා දින දෙකක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

යුද හමුදා විජයබාහු රෙජිමේන්තුව පිරිමි අනු ශූරතාව ද, සීදුව වෘත්තිය පුහුණු මාධ්‍යස්ථාන ක්‍රීඩා සමාජය කාන්තා අනු ශූරතාව ද, හිමිකරගත්තේය.

ආසියානු පැරා පදක්කම් ලාභී අමිල ප්‍රසාන් වසරේ පැරා ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

කනිෂ්ඨ පිරිමි ශූරතාව කොළඹ රිහැබ් ලංකා ක්‍රීඩා සමාජය ද, කනිෂ්ඨ කාන්තා ශූරතාව රත්මලාන අන්ධ විද්‍යාලය ද, දිනාගත්තේය.

මෙවර තරගාවලියේදී නව තරගාවලිය වාර්තා 34 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, දෘශ්‍යාබාධිත පුද්ගලයන් සහ ශාරීරික ආබාධ සහිත හා බුද්ධි ඌණතා සහිත පුද්ගලයන් ලෙස කාණ්ඩ තුනක් යටතේ පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන් තරගාවලිය පැවැත්වේ. විවිධ කාර්යබද්ධ ප්‍රභේද යටතේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් 190 ක් මෙවර තරගාවලියට ඇතුළත් විය.  

තරගාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහභාගි විය.  

විශේෂ සම්මාන

● දක්‍ෂතම ක්‍රීඩකයා (ජ්‍යෙෂ්ඨ) සම ශූරතාව
නුවන් ඉන්දික (පාබල හමුදා රෙජිමේන්තුව) සහ බුද්ධික ඉන්ද්‍රපාල (කර්මාන්ඩෝ රෙජිමේන්තුව)

● දක්‍ෂතම ක්‍රීඩිකාව (ජ්‍යෙෂ්ඨ)
තිසරා ජයසිංහ (
රිහැබ් ලංකා ක්‍රීඩා සමාජය)

● දක්‍ෂතම ක්‍රීඩකයා (කනිෂ්ඨ)
රවිඳු තිරන්ජය (
රිහැබ් ලංකා ක්‍රීඩා සමාජය)

● දක්‍ෂතම ක්‍රීඩිකාව (කනිෂ්ඨ)
ජනනි ධනංජනා (කැලණිය එස්.ඊ.ආර්.ඩී. ක්‍රීඩා සමාජය)

ඡායාරූප - ඉන්ද්‍රරත්න බාලසූරිය


අදහස් (0)

පාබල රෙජිමේන්තුව - රිහැබ් ලංකා ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.